දුන්න මානාගෙන අහසට
දඩයක්කාර තැන එන දවසට
දැක්කද වහන් වෙන හැටි හඳ
මුවා වී ලොකු වළාකුලකට
කඩු දුනු කුමටදැයි ප්‍රේමෙට
කවියෝ එමට ඇහුවට
උණුවෙන හිත් හොයන්නට නැත
වෙඬරුත් ගණන් ගිහින් අද
හිත් පාරගන්නෙ මොකටද
පෙම කියා කියන්නෙම දුක
සතුටක් ඕනිම නම් හිතට
අපි හමු වුන එකම මදිද
දුර ළඟ ලොකු පුංචි අනුපාත
මැන මැන බලන ලෝකෙක
සියේට සීයක්ම ගැලපුණත්
අපෙ හිත් යා වෙන්නෙ කොහොමද
පාළුයි තමයි කාටත්
ඕනි අය ළඟ නැති වෙනකොට
ඒ වුනත් මේ දැනෙන නිදහස
අපි හෙව්ව නිවීමම නේද
දඩයක්කරුවන්ගෙ විත්ති
දැන් අපිට අදාලම නැති කොට
හැමදාම අපි දකින හීනවල
මල් සුවද තැවරේවි නේද
ඉස්සර පුරුද්දට තාමත්
රෑට අවේලාවෙ ඇහැරුනාම
අපි ගැන ලියන්නම් කවියක්
ඒකට කමක් නෑ නේද?
අපූරුයි. රූපෙත් නියමට ගැලපෙයි.. කොයිබින් හොයාගන්ටවාදමන්ද....
ReplyDeleteඒකනෙ. කවිය ලියනවට වඩා වෙලාව යනවා රූපෙ හොයාගන්න. ටැංකිව් නමී.
Deleteලස්සන කවි සටහනක් ඒත් 'පෙම කියා කියන්නෙම දුක' - මන්නම් එකට එකඟ නෑ
ReplyDeleteඇයි අහල නැතිද පේමතෝ ජායතී සෝකෝ කියලනෙ කියන්නෙ. පැමිණීමටයි කමෙන්ට් එකටයි දෙකටම ටැංකිව් වේවා එහෙනම් අ.යා.
Delete