Wednesday, January 12, 2022

188. ගංගා















තුංග ගිරි හිස මුදුනෙන් 
තනි කැමැත්තට බැස්සට 
පහල ලස්සන ලෝකයෙ 
සිරිය දකිමැ’යි සිතුවට 
ගිරිකුලෙන් නම් පහළට 
කී වරක් ඇද වැටුණද 
හොඳම නෑ කවදාවත් 
ගැහැණු හිතකට තදියම ... 

හිතේ තෙරපෙන මහ දුක 
ඉවුරෙ හංගා ගත්තට 
සිනා පෙණකැටි නංවා 
සතුටු මුහුණක් මැව්වට 
සමහරක් දා රෑකට 
තට්ට තනියම ඇඩුවට 
තනිව නැගිටින එකමයි 
ගැහැණු හිතකට පිළියම ... 

මහා ගල්පර සමගත් 
කරට කර ඉඳ ගැටුනට 
සමහරක් තැන් මගහැර 
හිතෙන පැත්තට හැරුණට 
හිටි ගමන් මග නැවතී 
තැනිතලාවක තනියම 
සිනාවක කිමිදීමයි 
ගැහැණු හිතකට ලස්සන ... 

කප්පරක් දුර ගෙවමින් 
සයුර වෙත එළඹෙන සඳ 
වෙහෙසකර දිගු ගමනක් 
නිමාවක් වී අවසන 
කොයිතරම් ගතු කීවත් 
පිරිමි පපුවක උණුහුම 
අස්සෙ ගුලිවෙන එකමයි 
ගැහැණු හිතකට සැනසුම!



4 comments:

  1. දෙතුන් පාරක් කියෙවුවා.ඇත්තටම ඒ තරම් ලස්සනයි මේ ගැලපීම. 💚💚💚💚💚💚

    ReplyDelete
  2. ගංගා එන්නකෝ ගංගා... මග බලාන ඉන්නෙ ඔබ එන තුරු ගංගා//
    ලස්සනයි. ඒ සිංදුව මතක් උනා

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.