Thursday, January 20, 2022

195. සමහර දවස්











කොහේ හිටියත් දැනෙන  කුමක්දෝ තනිකමක් 
ඉබේ සුසුමක් මිදෙන නැතත් කිසි හේතුවක් 
සියුම් කැළඹීල්ල හද හුස්මටද දෙන බරක් 
සමහරක් දවස් ඇත දැනෙන මහ හිස්කමක් 

කහපාට හවස්වරු මුසු වෙච්ච යම් දුකක් 
කඩල ගොටුවක සුවඳ අරන් එන මඳ නලක් 
ස්ටේෂමේ සෙනග පීරමින් එක් නෙතක් 
දැන දැනම හොයනවා හමු වෙන්නෙ නැති රුවක්!




4 comments:

  1. //කහපාට හවස්වරු මුසු වෙච්ච යම් දුකක්
    කඩල ගොටුවක සුවඳ අරන් එන මඳ නලක්
    ස්ටේෂමේ සෙනග පීරමින් එක් නෙතක්
    දැන දැනම හොයනවා හමු වෙන්නෙ නැති රුවක්!//
    හම්මේ පූ! හැමදාම වගේ සුසුමක් එක්ක කියවලා ඉවර වෙන හැගීම් වචන හරඹයක් ❤️❤️❤️

    ReplyDelete
    Replies
    1. ටැංකිව් තිලිණි. මම ගියා ඔයාගෙ බ්ලොග් එක පැත්තටත්. නියමයි.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.