සුරුවමක් වන් රුවක් දෙනයනේ දිලිහුණා
සුසුවඳක් හෙමි හෙමින් සිත් මලින් විහිදුණා
සැනසුමක් දැනුන තැන ඉතින් මං නැවතුණා
මඳහසින් පණ ලැබුණ නිහඬ සමනල් සිහින
හෙමිහෙමින් පාවෙමින් කොපුලතක් කිති කැවින
සඳ දියෙන් නැහැවෙමින් කොඳ මලක් ඇහැ ඇරින
එම නමින් මා හදේ කවි පොතක් දිග හැරින.
(පින්තූරය මුහුණු පොතෙනි.)