රතු පාට කොට ගවුමක් උඩට
කහ පාට දිග කලිසමක් යටට
රෝස පාට මල් තොප්පියක් හිසට
කහ පාට මල් කුඩයක් අතට
ඇත්තමයි පොඩි කෙල්ලට
ගැලපෙන ඇඳුමක් අන්දල
පිළිවෙලට එක්කං යන්න
අද ඉන්න අම්මලට
තේරෙන්නේ නැති හැටි
දකින අය කියනවා ඇති
නැත්නම් හිතනවා ඇති
ඒත් මක් කරන්නද
අම්ම අහිංසකයි
ගෙදර හැමදේම සිද්ද වෙන්නෙ
පොඩි එකීට ඕන විදියට
දකින අය දන්නවද ඕව
අද පැයක් විතර නටල
ඔක්කොම ඇඳුම් එලියට ඇදලා
එකින් එක බලල තමයි
තෝරගත්තෙ මේ ඇඳුම
ඒක ඇන්දුවේ නැත්නම්
අද නිවාඩු තමයි
නැට්ටිච්චිටයි එයාගෙ අම්මටයි
දෙන්නටම.
Thursday, November 8, 2018
Friday, November 2, 2018
36. බුදු සාදු සිටිය කාලේ...
බුදු සාදු සිටිය කාලේ
මා සිටිය නම් මෙ ලෝකේ
මගෙ චූටි නංගි සමගින්
සැමදා ගොසින් වඳින්නම් ...
සුදු මල් මිටක් නෙළාලා
මල් වට්ටියක් සදාලා
කුසුමේන නේන කියලා
බුදු සාදු පා පුදන්නම්...
හොඳ ළමයි වෙන්න ඕනේ
බණ පද අහන්න ඕනේ
බුදු සාදු කිව් කතා මා
පොඩි නංගිටත් කියන්නම්...
බුදු සාදු සිටිය කාලේ
මා සිටිය නම් මෙ ලෝකේ
මගෙ චූටි නංගි සමගින්
සැමදා ගොසින් වඳින්නම් ...
වැඳලා නිවන් පතන්නම්...
මා සිටිය නම් මෙ ලෝකේ
මගෙ චූටි නංගි සමගින්
සැමදා ගොසින් වඳින්නම් ...
සුදු මල් මිටක් නෙළාලා
මල් වට්ටියක් සදාලා
කුසුමේන නේන කියලා
බුදු සාදු පා පුදන්නම්...
හොඳ ළමයි වෙන්න ඕනේ
බණ පද අහන්න ඕනේ
බුදු සාදු කිව් කතා මා
පොඩි නංගිටත් කියන්නම්...
බුදු සාදු සිටිය කාලේ
මා සිටිය නම් මෙ ලෝකේ
මගෙ චූටි නංගි සමගින්
සැමදා ගොසින් වඳින්නම් ...
වැඳලා නිවන් පතන්නම්...
Wednesday, October 31, 2018
35. බලන්න හඳමාමා ...
සුළං කුරුල්ලන් පසු කරලා
පුළුන් වලාකුළු උඩ නැගිලා
ඉගිල්ලිලා සඳ ලෝකෙට යමු අපි
බලන්න හඳමාමා ...
බටිත්තනේ නුඹලා - පරිස්සමින් පියඹා
අපිත් එක්ක එහි යන්නට එනවද
බලන්න හඳමාමා...
දිගටි දෙකන් ඔසවා - බලාවි හා පැටියා
කැරට් අරන් යමු යද්දී එහේ අපි
බලන්න හඳමාමා...
අහස් ගඟෙන් නාලා - කිරියි පැණියි කාලා
දේදුන්නෙන් එමු එහේ ගිහින් අපි
බලන්න හඳමාමා ...
පුළුන් වලාකුළු උඩ නැගිලා
ඉගිල්ලිලා සඳ ලෝකෙට යමු අපි
බලන්න හඳමාමා ...
බටිත්තනේ නුඹලා - පරිස්සමින් පියඹා
අපිත් එක්ක එහි යන්නට එනවද
බලන්න හඳමාමා...
දිගටි දෙකන් ඔසවා - බලාවි හා පැටියා
කැරට් අරන් යමු යද්දී එහේ අපි
බලන්න හඳමාමා...
අහස් ගඟෙන් නාලා - කිරියි පැණියි කාලා
දේදුන්නෙන් එමු එහේ ගිහින් අපි
බලන්න හඳමාමා ...
34. ආසයි අහන්න ඒ ගැන මං...
සිනා සලන්නට ලොවට පෙනෙන්නට
හැකිය නුඹේ කිරි සිනා අරන්
කතා කරන්නට ලොවට ඇසෙන්නට
හැකිය නුඹේ මුදු කතා අරන්
කවක් ලියන්නට සැමට දකින්නට
හැකිය නුඹට හිත මුවා කරන්
කියා දෙන්න නුඹ මට හිමි වූ හැටි
ආසයි අහන්න ඒ ගැන මං
රන් පාට හිමිදිරියෙ පිණි බිංදු පොදි ගැහෙන
සෙව්වන්දි හිනැහෙන්නෙ නුඹ වගෙද මට කියන්
සීරුවට මුදු සුමුදු මල් පෙත්ත ඉව කරන
සමනල්ලු මුමුණන්නෙ නුඹ ගැනද මට කියන්
වෙල් යාය ඉස්මත්තෙ බක් මී පොකුරු පිපුණ
අතු අගිසි නැළවෙන්නෙ නුඹ වගෙද මට කියන්
ඒ සුවඳ ගෙන හමන මඳ සීත පවනැල්ලෙ
සැනසිල්ල මුසු කෙරුවෙ නුඹ නොවෙද මට කියන්
සිනා සලන්නට ලොවට පෙනෙන්නට
හැකිය නුඹේ කිරි සිනා අරන්
කතා කරන්නට ලොවට ඇසෙන්නට
හැකිය නුඹේ මුදු කතා අරන්
කවක් ලියන්නට සැමට දකින්නට
හැකිය නුඹට හිත මුවා කරන්
කියා දෙන්න නුඹ මට හිමි වූ හැටි
ආසයි අහන්න ඒ ගැන මං..
හැකිය නුඹේ කිරි සිනා අරන්
කතා කරන්නට ලොවට ඇසෙන්නට
හැකිය නුඹේ මුදු කතා අරන්
කවක් ලියන්නට සැමට දකින්නට
හැකිය නුඹට හිත මුවා කරන්
කියා දෙන්න නුඹ මට හිමි වූ හැටි
ආසයි අහන්න ඒ ගැන මං
රන් පාට හිමිදිරියෙ පිණි බිංදු පොදි ගැහෙන
සෙව්වන්දි හිනැහෙන්නෙ නුඹ වගෙද මට කියන්
සීරුවට මුදු සුමුදු මල් පෙත්ත ඉව කරන
සමනල්ලු මුමුණන්නෙ නුඹ ගැනද මට කියන්
වෙල් යාය ඉස්මත්තෙ බක් මී පොකුරු පිපුණ
අතු අගිසි නැළවෙන්නෙ නුඹ වගෙද මට කියන්
ඒ සුවඳ ගෙන හමන මඳ සීත පවනැල්ලෙ
සැනසිල්ල මුසු කෙරුවෙ නුඹ නොවෙද මට කියන්
සිනා සලන්නට ලොවට පෙනෙන්නට
හැකිය නුඹේ කිරි සිනා අරන්
කතා කරන්නට ලොවට ඇසෙන්නට
හැකිය නුඹේ මුදු කතා අරන්
කවක් ලියන්නට සැමට දකින්නට
හැකිය නුඹට හිත මුවා කරන්
කියා දෙන්න නුඹ මට හිමි වූ හැටි
ආසයි අහන්න ඒ ගැන මං..
Thursday, September 20, 2018
33. මල් ඉත්තක් වෙමු අපි සාදූ ...
සම්බුදු සිරිපා මුල සාදූ
හොඳ ළමයින් වෙන්නට සාදූ
බණ පදයක් කිව මැන සාදූ ...
විහාරෙ ඇතුලේ ඇයි සාදූ
තනියම වැඩ ඉන්නේ සාදූ
අප හා තරහද බුදු සාදූ
ඩිංගක් හිනැහෙනවද සාදූ
හොඳ ළමයින් වෙමු අපි සාදු
වරදක් නොකරමු අපි සාදු
තව තව හොඳ වෙන්නට සාදු
බණ පදයක් කිව මැන සාදූ ...
Thursday, September 13, 2018
32. අවුරුදු කුමාරී ...
සිනා කිකිණි මල් පිපෙනා විටදී මුවේ
හිතේ පිරෙන සෙනෙහස මහා මුහුද වගේ
ජාති ජාති නුඹ මට වාසනා ගෙනේ ...
පාට වළලු පොඩි සුදු ඇත දෙකට අගේ
මාල පබළු මුතු අමුණා හරිම අගේ
පුංචි රෙද්ද හැට්ටය ඇඳ දිගට දිගේ
දූ කුමාරි අවුරුදු කුමරියක වුනේ...
කොණ්ඩෙ දාපු අරලිය මල සුදට සුදේ
පුංචි හිසට ලොකු වැඩිවා වත්ද අනේ
පපා නොයෙක ආඩම්බර හතර අතේ
දූ කුමාරි අවුරුදු කුමරියක වුනේ...
Wednesday, September 12, 2018
31. වාසනාව චූටි පැංචිගේ ...
වාසනාව චූටි පැංචිගේ - ගේ පුරාම විසිරිලා තියේ ...
තාත්තටත් කාසි පනම් - වැඩි වැඩියෙන් ලැබෙනවාලු
යන එන තැන ගමන බිමන - සුබ අතටම හැරෙනවාලු ...
අම්මට නම් මුළු ලෝකෙම - ලස්සන වී පෙනෙනවාලු
කොහේ ගියත් මොනව කරත් - දූගෙ සුවඳ දැනෙනවාලු ...
ආච්චි අම්මගෙත් හිතට - සනීපයක් දැනෙනවාලු
පුංචි පැංචිගේ හිනාව - දැක්කම ලෙඩ මැකෙනවාලු ...
සීයට නම් කණ්නාඩිත් - නැතුවම ඇස් පෙනෙනවාලු
එයත් තාම චූටි බබෙක් - වගේ කියල හිතෙනවාලු ...
පුංචිට නම් හිත පිරෙන්න - ගොඩක් කෝල් ලැබෙනවාලු
මල් කඩ කඩ මුළු දවසම - මල් වත්තෙම ගෙවෙනවාලු ...
සීනු පැටියගේ පුරු පුරු - දැන් වැඩියෙන් ඇහෙනවාලු
දවස තිස්සෙ ලඟට වෙලා - ඉඳගෙන තනි රකිනවාලු ...
ඔක්කොටම සැර දමන්න - චූටි බබෙක් ඉන්නවාලු
වාද බේද නෑ කවුරුත් - එයට හිස නමනවාලු ...
Tuesday, September 11, 2018
30. බලා සිටින්නම් නුඹේ දිහා
පටල පටල නුඹ කවි කියනා විට ලඟට වෙලා
සුරතල් ඉතිරෙන පොඩි මූණේ රූ අසිරි බලා
වසඟ වෙලා මම බලා සිටින්නම් නුඹේ දිහා
හරිම ලස්සනයි පැටියෝ කිව්වම පැනල උඩ
ගමටම ඇහෙන්න වොලියුම් වැඩිකර දීල හඬ
කෙලින් කරල ඇඟ බැලන්ස් කරන නැග පුටුව උඩ
කියයි තවත් කවි උනන්දුවෙන් හරි දාල හැඩ
පුංචි මමයි සුදු අම්මෙ නුඹේ රත්තරන් පුතා
තොත්තු දෙමී මම ලඟට ඇවිත් කිව්වොතින් කතා
රෝස මලයි පොඩි පිච්ච මලයි ලස්සනයි ඉතා
අන්න හරී ඒ වගේ තමයි මේ පුංචි පුතා
යන්නෙ කොහෙද අපි තාත්තෙ මේ ලොකු බැද්ද මැදින්
මල් පිපිලා සුදු රෙද්ද වගේ සුවදයිනෙ ඉතින්
එන්න පුතේ රස බතුත් දේවි අත්තම්මා ඇවිත්
යන්නෙ අපී ලොකු සීයා බලාලා දෙන්න බුලත්
ඇති කරන්න පොඩි අලි පැටියෙක් අර ගන්නවලූ
ඉන්න එයා හට විසාල වත්තක් වවනවලූ
පුංචි කමට හරි ලස්සන කවි දැන් කියනවලූ
ලොකු උනාම නම් අම්මා වගේ කවි ලියනවලූ
Friday, September 7, 2018
29. වසන්තය කියන්නේ...
නුඹ ගැන සිතුවිල්ලෙන්
වෙන කිසිවෙකු ගැන හිතන්න
හදවතට ඉඩක් නැහැ නේ
මගෙ නෙත රැඳී තිබෙන්නේ
නුඹගේ පොඩි මුහුණයි
වෙන කිසිවෙකු හෝ දකින්න
දෙනුවනට ඉඩක් නැහැ නේ ...
නුඹ මට දීලා - කාලය පියඹා
දැන් තුන් අවුරුද්දයි
කවුරුන් වේවා හමු වූ මොහොතේ
නුඹ ගැන තතු විමසයි
මගෙ හිත පිරී තිබෙන්නේ...
කඳුලැලි මැලවී - හසරැලි මතු වී
අප ලොව අද සොඳුරුයි
පීදෙන පියුමන් - දළුලන තුරු වැල්
මට නුඹ ගැන පවසයි
වසන්තය කියන්නේ දුවටයි මටයි ..
Thursday, September 6, 2018
28. සතුට කොයි තරම් ..
රෑ සඳ අහස ගඟෙන්
සිසිල ගෙනෙන විට පොළවට
තරු නිවී නිවී දිලිහෙනවා
නුඹ මගෙ ළඟ නිදියනවා
පැටියෝ හිතට දැනෙන සතුට කොයි තරම් ..
සතුට කොයි තරම් ..
පිපී සුවඳ ගෙන මුවඟට
එතී හමන මඳ පවනට
රෑ කුමාරි මල් අර කවුරුන්ද හොයන්නේ
දු කුමාරි මගෙ නිදියනවාද අසන්නේ
එබීගෙනම ඉඳ පහලට
වෙලී ආදරෙන් සුහදව
රෑ සවාරියක් තරු කැට යන්න හදන්නේ
දු කුමාරියට ලස්සන හීන ගෙනෙන්නේ
හිච්චි පෙති විදා විගහට
පිච්ච මල් කැකුළු තරගෙට
නිනව්වක් නැතුව දස අත සුවඳ බෙදන්නේ
සුරංග නාවිට මගෙ ආදරෙයි කියන්නේ
නැතිය නිදිමතක් දෙනෙතට
ඇතිය තදියමක් හිතයට
පේළි පේලි පද අමුණා තාල හොයන්නේ
සුරංගනාවිට කවියක් මාත් ලියන්නේ
රෑ සඳ අහස ගඟෙන්
සිසිල ගෙනෙන විට පොළවට
තරු නිවී නිවී දිලිහෙනවා
නුඹ මගෙ ළඟ නිදියනවා
පැටියෝ හිතට දැනෙන සතුට කොයි තරම් ..
සතුට කොයි තරම් ..
සිසිල ගෙනෙන විට පොළවට
තරු නිවී නිවී දිලිහෙනවා
නුඹ මගෙ ළඟ නිදියනවා
පැටියෝ හිතට දැනෙන සතුට කොයි තරම් ..
සතුට කොයි තරම් ..
පිපී සුවඳ ගෙන මුවඟට
එතී හමන මඳ පවනට
රෑ කුමාරි මල් අර කවුරුන්ද හොයන්නේ
දු කුමාරි මගෙ නිදියනවාද අසන්නේ
එබීගෙනම ඉඳ පහලට
වෙලී ආදරෙන් සුහදව
රෑ සවාරියක් තරු කැට යන්න හදන්නේ
දු කුමාරියට ලස්සන හීන ගෙනෙන්නේ
හිච්චි පෙති විදා විගහට
පිච්ච මල් කැකුළු තරගෙට
නිනව්වක් නැතුව දස අත සුවඳ බෙදන්නේ
සුරංග නාවිට මගෙ ආදරෙයි කියන්නේ
නැතිය නිදිමතක් දෙනෙතට
ඇතිය තදියමක් හිතයට
පේළි පේලි පද අමුණා තාල හොයන්නේ
සුරංගනාවිට කවියක් මාත් ලියන්නේ
රෑ සඳ අහස ගඟෙන්
සිසිල ගෙනෙන විට පොළවට
තරු නිවී නිවී දිලිහෙනවා
නුඹ මගෙ ළඟ නිදියනවා
පැටියෝ හිතට දැනෙන සතුට කොයි තරම් ..
සතුට කොයි තරම් ..
27. කවුරු හරි නුඹ හට කියන්නැති
උහුලගෙන දුක සුසුම පිටකල ගස් වලින් බව කියන්නේ
රඳවාගෙන එක තැනක හිත මම තවම එයමය හිතන්නේ
සුවඳදෙන පොඩි මුහුණ ළඟ එය සැබෑවක් බැව් හැඟෙන්නේ
පිපී එන්නට පෙරාතුව නුඹ, පිපුණු මල් දෝතට අරන්
තියාගෙන ළඟ මගේ කරගෙන හැමු සුවඳට ලොබ බැඳන්
පියාඹා ගොස් හිතින් බොහො දුර හීන මැව්වත් වරු ගණන්
සුසුම් පමණයි පිටවුනේ අන්තිමේ හිත රැඳි දුක අරන්
බෙදාගන්නට සමව දුක සැප කවුරුවත් ළඟ නැති තැන
හමාගෙන ගිය සුළං රැලිවල හැපී සුසුමන් සඟ වුන
හොයාගෙන විත් නුඹව සිටි තැන බලා ඉන්නාට බැරි තැන
කවුරු හරි නුඹ හට කියන්නැති මගේ දුක්බර හිත ගැන
අතු අගිස්සේ පිපී හිනැහෙන සුවඳ විහිදුවමින් නිතින්
කියාගන්නට බැරි තරම් හරි ලස්සනයි මට නුඹ ඉතින්
කියමි පෙන්වමි කා හටත් මුම්බා මගේ යයි ආඩම්බරෙන්
බොහොම පින් මගෙ ළඟම පිපුනට මගේ මල් කැකුළේ ඉතින්
26. මවක් වූ පසුවයි දැනෙන්නේ
මවක් වූ පසුවයි දැනෙන්නේ
මවු සෙනේ අබිමන්
හැමූ දා සුවඳක් මුවින් කිරි
ඉපදුනා අලුතින්
මවක් වන්නට පළමු දිවිමග සැහැල්ලුයි සුමුදුයි
මවක් වූ පසු එවන් දිවියම උණුහුමයි ගැඹුරුයි
නිවී සැනහී සඳ බැලූ සිත තබා ගෙන පසෙකින්
දිලී බොඳ වෙන පුංචි තරුවද දකිමි දැන් මැනවින්
මවක් වූ පසුවයි දැනෙන්නේ
මවු සෙනේ අබිමන්
හැමූ දා සුවඳක් මුවින් කිරි
ඉපදුනා අලුතින්
මවු සෙනේ අබිමන්
හැමූ දා සුවඳක් මුවින් කිරි
ඉපදුනා අලුතින්
මවක් වන්නට පළමු දිවිමග සැහැල්ලුයි සුමුදුයි
මවක් වූ පසු එවන් දිවියම උණුහුමයි ගැඹුරුයි
නිවී සැනහී සඳ බැලූ සිත තබා ගෙන පසෙකින්
දිලී බොඳ වෙන පුංචි තරුවද දකිමි දැන් මැනවින්
මවක් වූ පසුවයි දැනෙන්නේ
මවු සෙනේ අබිමන්
හැමූ දා සුවඳක් මුවින් කිරි
ඉපදුනා අලුතින්
Thursday, June 7, 2018
25. අද හරි ලස්සන දවසක්!
ඇවිදන් යන මේ මල කවුදැයි එබිකම් කරනවා
චූටි කුරුල්ලොත් අර කිචි බිචිය නතර කරනවා
ඇවිදින මල කිචි බ්චි ගා කියවන හැටි අහනවා
හුළඟක් ඇවිදින් හීතල පුංචි මලේ එතෙනවා
මලේ කොණ්ඩෙ එතකොට නම් ඉගිලෙන්නට හදනවා
මලට හරිම සන්තෝසයි සතුටට උඩ පනිනවා
ඉර මාමත් ඉන්නවාද අහස දිහා බලනවා
යන තැනකට අපිත් එනව වලාකුලක් කියනවා
පුළුන් වලා පේළි පේළි ඒ පස්සෙන් වැටෙනවා
තණ ගොල්ලේ පුංචි පුංචි තණකොළ ඇස් අරිනවා
මල් පෙත්තක් වගේ පයට පෑගෙනතුරු හිඳිනවා
සමනලයෙක් උඩ යට කරණම් ඔක්කොම ගහනවා
ලඟට ඇවිත් මලට එයා අල්ලගන්න කියනවා
තණකොළ පෙත්තෙක් ලස්සන සිංදුවකුත් කියනවා
අද හරි ලස්සන දවසක්! වගේ මලට හිතෙනවා
Wednesday, May 9, 2018
24. චූටී මගෙ දුව චූටී...
චූටී...චූටී...
චූටී මගෙ දුව චූටී...
ඔන්න අම්ම යන්න හදන්නේ
චූටි විහිළුවක් කරලා
චූටි තොත්තුවක් දීලා
අම්මට දුව යන්න කියන්න ...
බලන්න ඔය චූටි මුණ
හැන්දෑ නොවී එන්න කියන්න
අම්මට දුව යන්න කියන්න ..
චූටි කාලෙ මටත් චූටි කිව්වා මගේ අම්මා
ඒ කියන්නේ චූටිගෙ ලොකු අම්මා ..
හබුන් කවන වෙලාවේදී
විහාරමහ දේවී ගැන කියලා දේවී
මිරිස් සැරයි කියල ඔන්න
අහක බලා ගත්තෝතින්
ලොකු අම්මා ඒ කතාව කියල නොදේවී ...
චූටී...චූටී...
චූටී මගෙ දුව චූටී...
චූටී මගෙ දුව චූටී...
ඔන්න අම්ම යන්න හදන්නේ
චූටි විහිළුවක් කරලා
චූටි තොත්තුවක් දීලා
අම්මට දුව යන්න කියන්න ...
බලන්න ඔය චූටි මුණ
හැන්දෑ නොවී එන්න කියන්න
අම්මට දුව යන්න කියන්න ..
චූටි කාලෙ මටත් චූටි කිව්වා මගේ අම්මා
ඒ කියන්නේ චූටිගෙ ලොකු අම්මා ..
හබුන් කවන වෙලාවේදී
විහාරමහ දේවී ගැන කියලා දේවී
මිරිස් සැරයි කියල ඔන්න
අහක බලා ගත්තෝතින්
ලොකු අම්මා ඒ කතාව කියල නොදේවී ...
චූටී...චූටී...
චූටී මගෙ දුව චූටී...
Thursday, May 3, 2018
23. මලක් වෙලා ඔබ පිපෙන්න..
ගඟක් වෙලා ඔබ ගලන්න - සෙනෙහසේ සිසිල දෙන්න
සඳක් වෙලා ඔබ නැගෙන්න - කළුවරේ එලිය දෙන්න
පවන් පොදක් වී හමන්න - සෝ සුසුම් ගිම් නිවන්න
කවක් වගේ මියුරු වෙන්න - නොමියෙනා රස මවන්න
දුකක් උනත් නොම සිතන්න - කාගෙ වත් හිත් තලන්න
වනස්පතිය සේ හිඳින්න - සිත් සතන් සනසවන්න
පහන් සිතින් මග බලන්න - කාට හෝ පිහිට වෙන්න
පුළුන් රොදක් සේම වෙන්න - නිදහසේ ඉගිල යන්න
සැහැල්ලුවෙන් දිවි ගෙවන්න - කා හටත් සතුට දෙන්න
කෝච්චියක් වගෙ දුවන්න - හිතුනොතින් යලි හැරෙන්න
ටිකක් වෙලා නතර වෙන්න - ජීවිතේ ගැන හිතන්න
22. කරල වැඩක් නෝටී..
එන විදියෙන් පේන්නෙ නම් කරල වැඩක් නෝටී
අත් දෙක අර පිටිපස්සට කර බැඳගෙන ඇත
සැකයක් නැත මොකක් හරිම හංගාගෙන ඇත
නියපොතු ටික කෝ බලන්න පෙන්නනකො මට
නෑ නෑ නෑ මං බනින්නෙ නෑල්ලු ඇත්තට
මේ පේන්නෙ සුදට අපොයි නියපොතු වල හැටී
බිත්තිය හුරලා මේකි දෙන්න වටියි ගුටී
යසට තිබ්බ නියපොතු ඔක්කොම පතුරු ගිහින්
විසයි ඕව කී පාරක් කිව්වද මං ඉතින්
ආයි ඔහොම වැඩක් කරල අහුවුනොතින් මට
දෙන්නෙ දෙකක් ඉල්ලල මං කියල තාත්තට
තොල කණපිට ගහන් ඔහොම බැලුවම හරි තමයි
දන්නවානෙ හැටි අම්මගෙ තරහ ගියොත් වසයි
හරියන් නෑ බේරගන්න ඕන දෙකෙන් එකක්
මොකද කියමු බලන්න දැන් කලේ ඔහොම වැඩක්
ඩොලී නෑව පවුඩර් නෑ දාන්න මුණට
හිතේවි දුක ඩොලීට අනෙ හරි පවු එතකොට
මගෙ පවුඩර් එක ගන්නට බෑ තියලනෙ උඩින්
බිත්තිය හීරුවෙ පවුඩර් ගන්න තමයි ඉතින්
හ්ම් ඇත්ත තමයි මටත් තේරෙනවා තමා
අදට කමක් නෑ එහෙනං දෙන්නං මම සමා
යේ යේ හරි ෂෝයි අම්මෙ අර පවුඩර් එකත්
දෙන්නකො මං ආපහු දෙන්නං චුට්ටක් අරන්
චුට්ටක් බුරුලක් දුන්නම ගුලියක් බස්සන
පෙනේද පොඩි කමට අපිව අන්දන ලස්සන
Wednesday, May 2, 2018
21. දාල යන්න දුකයි..
නුඹට හොරෙන් මගෙ හිත මහ ගොඩාරියක් අඬයි
නුඹ නැතිතැන දවස මගේ දිගයි හරිම දිගයි
පොඩි මොහොතක් වුවද ගෙවෙන කල්පය වගෙ තමයි
දැවටී ළඟ සිනා පාන මගේ අහිංසකී
සුරතල් බස් කියයි මෙමට මෙතෙක් වෙලා නොකී
සෙනෙහස සිත නුඹට උපන් ඉතින් අනන්තෙකී
දන් නෑ විදියක් මට හිත හදා ගන්න හැකී
දොර ළඟ නුඹ ඇස් ලොකු කර බලන් ඉන්න කොට
යන්නෙ කොහොම මං මගෙ හිත කඩන් වැටෙන කොට
හිර කරගමි ඉකියක් පිට පනින්න එනකොට
බෑ ගින්දර නිවන්න හිත පිච්චේ එතකොට
යන්න මැණික යාලුවන්ට ඉතින් එකතු වෙවී
දෙන්න හාදු අරන් යන්න මට සුවඳක් වෙවී
දවස ගෙවෙයි මගෙ පැටියට අම්මා සිහි නොවී
ඉන්න රෝස මල මගෙ ලස්සනට හිනා වෙවී
20. නුඹ ...
හුරතල්කම පොදි ගැහිච්ච - මල් කැකුළක් නම්
ඒ සුවඳට වහ වැටිච්ච - සුරතලයට වසඟ වෙච්ච
නුඹ ගාවම නතර වෙච්ච - මඳ සුළඟක් මං
නුඹ සුදු පෙණකැටි එතිච්ච - හරි දඟකාරෙන් පිරිච්ච
උඩ පැන පැන හැඩ වැටිච්ච - දිය රැල්ලක් නම්
ඉවසිල්ලෙන් නතර වෙච්ච - නුඹ එනතෙක් මග රැඳිච්ච
ආදරයෙන් හිත පිරිච්ච - සුදු වැල්ලක් මං
නුඹ හරි පොඩියට පෙනිච්ච - නිවී නිවී ආපහු දිලිච්ච
කළුවර රැකදී නැගිච්ච - තරු කැටයක් නම්
ඒ එළියෙන් පණ ලැබිච්ච - ඇස් අහකට නොම ගෙනිච්ච
නුඹ ගාවම හිත රැඳිච්ච - නිල් අහසක් මං
Subscribe to:
Posts (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.