Friday, October 6, 2023

253. කවි පොත














ඉසිඹුවක් නොලබමින් සිත හැඟුම් පිබිදුණා 
සුරුවමක් වන් රුවක් දෙනයනේ දිලිහුණා 
සුසුවඳක් හෙමි හෙමින් සිත් මලින් විහිදුණා 
සැනසුමක් දැනුන තැන ඉතින් මං නැවතුණා 

මඳ­හ­සින් පණ ලැබුණ නිහඬ සම­නල් සිහින 
හෙමිහෙමින් පාවෙමින් කොපුලතක් කිති කැවින ­ 
සඳ දියෙන් නැහැවෙමින් කොඳ මලක් ඇහැ ඇරින 
එම නමින් මා හදේ කවි පොතක් දිග හැරින.

(පින්තූරය මුහුණු පොතෙනි.)
මුහුණු පොතෙ මගේ කවි පිටුවටද හැකි නම් පිවිසෙන්න.

3 comments:

  1. කවි පොත දිගඇරුන එකනම්... යහපති 😏😊

    ReplyDelete
  2. අපි දෙතුන් දෙනෙක් අද (සෙනසුරාදා රාත්‍රී 10ට ) පෝස්ට් එක බැගින් දාන්නයි යන්නේ. මම ඒකට නමක් දුන්නා "ශනිදා දහයට" කියලා . (හිනා වෙන්න එපා) බලමු ඊළඟ සෙනසුරාදා; "ශනිදා දහයට" එකතුවෙන්න!

    ReplyDelete
  3. වටින් මද අදුර පැන රැය උදා කලා
    ඉරෙන් මිදී සද ආවා දෙරන බලා
    රසින් පිරුන කවිපොත දෙස වසී වෙලා
    හදින් පතමි සුපැතුම් මල් පොකුරු හෙලා.
    ජයවේවා !!!

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.