ගැහැණු වැඩට යති
හවස ගෙදර එති
සුවසෙ නොපවතිති
ගෙදර වැඩට යති
දාඩිය පිසලති
භාජන සෝදති
භෝජන සාදති
බඩගෙඩි පුරවති
ළමයින් නහවති
කවමින් සනසති
කොලහල බේරති
නලවති සතපති
පිසලති අමදිති
අඩු වැඩි තෝරති
හැමටම කන්දෙති
හැමදෙය විසදති
දහවල රැය වෙති
එනමුත් නොදනිති
එක හුස්මට ඇති
වැඩ කරගෙන යති
වැඩටම කැපවෙති
අ සනීපද වෙති
සුළු බෙහෙතක් බොති
නැවත වැඩට යති
මාර්තු අට වෙති
ඇගයුම් බොහො එති
පැසසුම් ඉවසති
එදත් වැඩට යති
ඕටී නොලබති
සති අග නොදනිති
පොහොයක් නොදකිති
වැඩෙහිම යෙදවෙති
බැරිම තැනක් එති
මොහොතක් නවතිති
කඳුලක් පිසලති
ගැහැණු වැඩට යති. 😥
(පින්තූරය අන්තර්ජාලයෙනි)
No comments:
Post a Comment