නුඹේ කුස බදාගෙන මං හිටියෙ වෙලීගෙන
ඔය හිතට මහ බරක් වෙච්චි බව නොදැනයි
නෙත කඳුළු පෙරාගෙන අන්නාසි ගැට කද්දි
මගෙ ඇඟත් පිච්චිලා හිරි වැටුණා සත්තයි ...
මං මත්තෙ නුඹ දැකපු මහමෙරක් වන් හීන
ගං දියට අතහැරුණ බව තිත්ත ඇත්තයි
කළලයට අවජාත කොහෙන් අනුකම්පාද
කඳුලකට උරුම තව කඳුලක්ම පමණයි ...
පිරුවටේ ඉතිරි වූ ලේ පැල්ලමේ කහට
යුක්තියේ රැකවරණ නොලබාම මැකුණයි
හුස්ම පොද ඉල්ලද්දි මල් වඩම් මට ලැබුනෙ
මගෙත් පව වෙන්න ඇති මේ සසර කුරිරුයි ....
කතුරු තුඩ වියරුවෙන් අනින විට හදවතට
මහමෙරක් වේදනා දැනෙන බව ඇත්තයි
කඳුළ දුක දරාගෙන නොපිපීම මියැද යමි
අම්මෙ නාඩා ඉඳින් මේ හුස්ම නුඹටයි!
(පින්තුරය අන්තර්ජාලයෙනි.)
වෙනස් කෝනයකින් බැලීමක්. කළලයක දෘෂඨිකෝනයෙන් බැලෙන කවියක් කියෙව්වේ මතකයේ හැටියට පළමු වතාවට.
ReplyDeleteස්තුතියි සීකර්.
Delete