සඳෙහි සොඳුරුම පෙදෙසක
ඔබව නිරතුරු දකිමී
හදෙහි අඳුරුම පතුළට
එවිට මම ගොඩ වදිමී
පිටට නොපෙනෙන අයුරින්
ඇතුළ දොරගුළු දමමි
බිඳුණු සිහිනෙන් විසිරී
සුවඳ මත සැරිසරමී
සිහින බිඳුණද ළඟ ඇති
මතක මත සැනසුම වේ
රිදුන සිත අස්වසමින්
හිඳින්නෙමි නොරිදුන සේ
කොහේ හෝ හිඳ සිනහා
නගයි නම් ඔබ පෙරසේ
ඒත් ඇති ඉන් සැනසී
හිඳින්නට මට සුවසේ
ගඟෙහි දියමත වැතිරී
සඳෙහි කැල්මන් දිදුලයි
නිහඬ බවකින් වැසුණේ
පතුල නොපෙනෙන ගැඹුරයි
සුසුම් උණුසුම් ඉපදී
හදෙහි සිතුවිලි අවුලයි
කවිය ලියවෙනු ඇත්තේ
අදත් ඔබ ගැන පමණයි.
(පින්තූරය අන්තර්ජාලයෙනි.)
හරිම ලස්සනයි
ReplyDeleteජයවේවා
බෝම බෝම ස්තුතියි දුමී.
Delete