සෙනේහෙන් සිත් බැඳුණු හින්දයි අදත් සිහියට නැගෙන්නේ
වියෝගය නම් සැමට උරුමයි අපට පමණක් නොවන්නේ
ඒක හින්දයි මේ තරම් කවි පුරුදු නමටම ලියන්නේ
ලෝකයේ ගති ස්වභාවය කිසිවෙකුට වෙනසක් නොවන්නේ
සිනාසී සුව විඳින හිතමයි වරින්වර දුක් විඳින්නේ
කැළැල් තිබුණට තදින් සීරුණු ඒතරම්නෑ රිදෙන්නේ
ඒක හින්දයි අතීතය සුවඳක්ව තාමත් දැනෙන්නේ
කළුව අතරින් අහස හෙමිහිට සිහින් වැස්සකි එවන්නේ
පහු කරන් කටුබැද්ද හංදිය බසය හෙමිහිට ඇදෙන්නේ
පේනමානේ ලබැඳි සරසවි බිමේ සේයා මැවෙන්නේ
හුඟක් නූනත් එයින් නැවතී පපුව ඩිංගක් ගැහෙන්නේ
(පින්තුරය අන්තර්ජාලයෙනි.)
Thank You Ian
ReplyDelete