Tuesday, January 25, 2022

199. නිහඬ නැවතුම



අයෙක් හමුවෙති 
අයෙක් වෙන්වෙති
සතුට දුක දෙක 
සිතෙහි රඳවා 

දිගු ගමන් යති 
කෙටි ගමන් යති 
එකම තැනකින් 
ගමන් අරඹා 

මන්ද ගාමී 
සීඝ්‍රගාමි 
අන්ත දෙක මැද 
වේග සසඳා 

දෙනෝදාහක් 
යනෙනු දැක දැක 
නිහඬ නැවතුම 
සිටී කරබා!


2 comments:

  1. දුම්රියපොළ පෙම්වතුන්ගෙ සරසවි බිම... කියල කියනව නෙව.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. සමහර දේවල් නිකන්ම අවබෝධ වෙන තැනක්. ස්තුතියි නමී.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.