Wednesday, January 26, 2022

200. ඇතැම් හදකට හැකිය













ඇතැම් මලකට හැකිය 
සලා පෙති නැළවෙන්න 
පිටත් කර සිය සුවඳ 
නල එක්ක... 

ඇතැම් ගසකට හැකිය 
සිනාවක් පළඳින්න 
සකස් කර සිය රුහිරු 
ඵල එක්ක... 

ඇතැම් රැයකට හැකිය 
සනීපෙට නිදියන්න 
වෙනස් කර ගනුදෙනුව 
දුක එක්ක... 

ඇතැම් හදකට හැකිය 
කුමක්ව වුව ඉවසන්න 
පසක් කර බිඳෙන හිත 
කවි එක්ක...



6 comments:

  1. ඇතැම් කවකට හැකිය
    හිතක් හිරිවට්ටන්න
    අනුපාන මැන පබැඳි
    පද එක්ක...

    මේක එහෙම ලස්සන කවි පෙළක්! ලස්සනයි පූ! <3

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිත්තමී. අම්මෝ ගොඩ කාලෙකින් නේද?

      Delete
  2. හ්ම්.. අපූරුයි. වනීත පුෂ්

    ReplyDelete
  3. හරිම ලස්සනයි ❤️❤️❤️

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.