පුංචි කාලෙ හැමදාමත් අහස පුරාවට හිටියා
ගිය ගිය තැන හඳහාවා රෑ මගෙ පස්සෙන් ආවා
පහ වසරෙදි ශිෂ්‍යත්වෙට වාඩි කරන් මං ගාවා
කන්ද උඩින් පායපු හැටි රචනාවට මං ලිව්වා
සා. පෙ. ලියන්නට කලියෙන් පෝයට පන්සල් ආවා
වෙහෙර වටේ අපි වඳිද්දි ඔයා වෙහෙර උඩ හිටියා
උ. පෙළ පාඩම් කරද්දි ජනේලෙ අයිනෙන් පායා
අපි පාඩම් කරපු ඒව ඔක්කොම අහගෙන හිටියා
කැම්පස් තේරිලා ඉද්දි තව ලස්සන වී පෙනුනා
ඔහේ බලන් ඔය දිහාව මං නිසදැස් කවි ලීවා
හදිස්සියෙන් මගෙ ලෝකෙට තව හඳ හාවෙක් ආවා
ඔයා වගේමයි එයැයිත් නොදැක ඉන්න බැරි වූවා
ගෙවල් දෙකක අපි දෙන්නම එක වෙලාවෙ හඳ බැලුවා
එයැයි මෙමට හාවා වෙලා මම එයැයිට හාවී උනා
සිනා කතා සරදම් මැද අපි මහ හුඟ දුරක් ගියා
කියන්න ඕනත් නෑ තව දැක්කනෙ හැමදේම ඔයා
හාවා සමු අරන් ගිහින් හද ආවාටයක් උනා
අහස මැද්දෙ හිටිය ඔයත් වළාකුලකට වැහිලා ගියා
හැමදාමත් හඳ බැලිල්ල නොදනිම මග ඇරිලා ගියා
අහම්බෙකින් දැක්කත් හාවෙක් නැති බව මතක් උනා
කොතැනකවත් දොස් දකින්න ඒත් හිතට බැරිව ගියා
භූ ලක්ෂණ අපෙත් වෙනස් ඒ ගානක් නැතුව ගියා
උප ග්‍රහයෙක් වුවත් ලොවක් ඇස් අද්දර ගෙනත් තියා
සොළොස් කළාවම හාවා යනකොට මට දීල ගියා!
අපූරුයි...
ReplyDeleteටැංකිව් ටැංකිව් නමී. වේලි වේලි තියෙන මගෙ බොල්ග් එක එක්කෙනෙක් හරි කියවන එක කොච්චර දෙයක්ද මට!
Deleteඅනෙක් ඒවටත් පොඩිත්තක් ගොඩ වැදෙන්නකො එතකොට හරි. මං මේ පැත්තට ගෙහුං එක්කං එන්ටම් කො..
Deleteටැංකිව් නමී. ආන් ලොකු මහත්තුරුම දෙන්නෙක් ඇවිත්. මම අනිත් ඒවටත් හෙමි හෙමින් යන්නම්කො. වැඩේ තියෙන්නෙ මෙහෙම කවියක් ගැට ගහගත්තට මොකද බර සාර කතාබහ මට තේරෙන්නෙ නැති එකනෙ.
Deleteඅපිළඟ කොයිද අනේ බරසරු කතා... දෙතිස් කතා ඇරෙන්ට. කොහොමින් නමුත් ලස්සනට ඉදිරියටත් කවි කොළ ගහන්ට
Delete