Thursday, January 27, 2022

201. මට එහෙම දැනෙනවා












සුදුපාට මීදුමේ 
රතුපාට බස්රතේ 
දිග..... හුස්මක් අරන් 
උස කන්ද නගිනවා 

වා කවුළු කෙලවරේ 
මුදු සීත මඳනලේ 
හුරු පුරුදු මල් සුවඳ 
මට තාම දැනෙනවා 

පෙම්වතුන් යුවලකට 
පමණක්ය කිය කියා 
පිටිපස්සෙ සීට් එක 
දොර දෙසම බලනවා 

අර ඈත කඳු පෙලේ 
ඔබ ඉන්න මන්දිරේ 
කොහේ වේදැයි කියා 
මං එවිට හොයනවා...

ප. ලි. 
ගිනි පෙට්ටියක් වගේ 
මේ ඇදෙන බස් රතේ 
ඔයාටත් පේනවැති 
මට එහෙම හිතෙනවා...

කවුළුවෙන් අතවනා 
ගිහින් එන්නැයි කියා 
කියනවා මයි ඔයා 
මට එහෙම දැනෙනවා ...




5 comments:

  1. චන්දෙ ඉල්ලන හුරෙක් වෙන්ටෑ වනන්නෙ තියාන.
    මසුරං කවි පොජ්ජ...

    ReplyDelete
    Replies
    1. අපේ නෑනෙ ඒ ජාතියෙ හූරො එක්ක ගණුදෙනු. බොහොම ස්තුතියි නමී.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.