කලාතුරකින් තාරකාවක්
උදෙත් පායා අහස සරසයි
මතක් කරමින් අපෙ අතීතය
මලක සුවඳක් හිතට මුමුණයි
බලා ඉන්නෙමි දොර පියන් ළඟ
ඈත ක්ෂිතිජෙට මං මනාපයි
කෝච්චිය දැන් පහු කරන්නේ
වැල්ලවත්තේ අපෙම මුහුදයි
රැල්ල අවුදින් වෙරළ දැකගෙන
ආයෙමත් ඈතට පලායයි
පරණ සටහන් මැකී ඇති දැන්
ලියන්නට අලුතින් වෙලාවයි
ඉලක්කම් කිසිවක්ම නොබලා
ඉගිල්ලී කාලය පියාඹයි
එදා වගෙමයි අදත් නොවෙනස්
අපේ හිත් ගැන තාම පුදුමයි
තිත්ත ඇත්තට හුරු වෙලා දැන්
තිත්ත රසටම මාත් ආසයි
එහෙම වෙන්නට උදව් කලෙ මට
හිතේ පැලවුනු ඔය හිනාවයි
මග බලන් ඉන්නට එපා යැයි
කියන්නට මගෙ හිතට ලෝබයි
ඒත් මං මේ අදත් එන්නේ
ආ පමාවෙන් හැරිල යන්නයි ...
තිත්ත රසටම මාත් ආසයි
ReplyDeleteතිත්ත රසට අපි ආසයි. ටැංකිව් නමී.
Deleteඅපි කිව්වට හැමෝම සත්‍යය රසයට ප්‍රිය නෑනෙ
Deleteහ්ම්. ඒකත් ඇත්ත තමයි.
Delete