අපිට අපි රැකගන්න බැරි වුනොත් කවදාහරි
එක අහස යට ඉඳිමු සතුටින්ම කොහොමහරි
ක්ශිතිජ ඉම දෙස බලා එදා අපි කියපු හැටි
සිහි වුනා දකින විට හෝ ගගා අඬන රැළි
හෙට ආයෙ එනවමයි ගිවිසගෙන හිටියාට
දුක හිතෙනවා නේද ඉර මූදෙ ගිලුනාම
පාලුවට තරු ටිකක් උඩ අහසෙ හිටියාට
ඇහැරගෙන ඉන්නවා ඇති මූද මුළු රෑම
වැලි අස්සෙ කිරි කවඩි සිප්පියක් හංගලා
රැල්ල මුමුනණු ඇසේ ගිහින් එන්නම් කියා
මතකයේ ඇවිදිද්දි අපි එකට අඩි තියා
හිරිවැටුණු හිත උඩින් කෝච්චිය දැන් ගියා!
හරිම ලස්සනයි!❤️❤️❤️❤️❤️ අපූරු වචන ගැළපීමක්
ReplyDeleteටැංකිව් පරිකල්පනා.
Delete