බලා ඉන්නට බැරි තැන
වසා කවුළුව හෙමිහිට
නින්ද අයදින මේ හිත
අයිතිකාරිය කාගෙද
නවම් සඳවත අහසට
ඇවිත් මැදියම් රෑකට
හෙළන කඳුලක සීතල
ගෙනෙන තනිකම මේකද
අතු අගිස්සක් අඬ අඬ
පිණි බිඳිත්තක් බේරන
හිතේ උණුහුම ටික ටික
දිය කරන්නේ ඒමද
ලිහි ලිහී තව විසිරෙන
සිතුම් රළ පෙළ අපමණ
ආයෙ ආයෙම මුමුණා
ගතු කියන්නේ කාටද
ඈත දුර සිට පාවෙන
ඇවිත් හිත අග යාවෙන
සුසුම් එකිනෙක මගහැර
කවි ලියන්නේ කෝමද....
කවි ලියන්න බැරි මටත් අහන්න තීන්නෙ ඕක තමා...
ReplyDelete💔💔
ඇහුවට වැඩක් නෑ .උත්තර නෑනෙ. ස්තුතියි නමිෂ්.
Delete