ඇසින් උසුලගන්නට බැරි
වසන්තයේ සිරි මේ යැයි
කියා දීපු උණුසුම් හද
කොහේ වේද අද සොයනෙමි
අනන්තය ලඟට කැඳවා
සුළං කපොල්ලක සිරකළ
ඉන්ද්‍රජාල රූපකාය
වහා මතකයේ ඇඳගමි
ආදරේ පිරි ඉතිරෙන
දෑසකින් හෙලූ සුසුමක්
පාවෙලා ඇවිත් කොපුලක
හැපී යන අයුරු හඟිනෙමි
කලබගෑනි මැද සසැලෙන
ජීවිතේ අඳුරු කැඩපත
බිඳෙන්නට නොදී රැකගත්
ස්නේහයේ මහිම දැකගමි
එතී අඳුරු වැහි කෝඩෙක
තුනී අකුණු පුපුරන විට
නෙලුම් කුළුණ දිලිසෙන යුරු
සැහැල්ලුවෙන් හිඳ විමසමි
මහල් නිවාසෙට ඉහළින්
රවුම් හඳක් පායනකොට
අඩක් ලියූ තව කවියක්
මේස රෙද්ද යට සතපමි!
මේසෙ යටට දාල මක්කොරනවයි....
ReplyDeleteවෙන මක්කද ඉතින් නිදි කොරවනවා මිසක් :D ටැංකිව් නමී.
Delete