Thursday, February 10, 2022

213. හයිය හිත්

 

 








 හයිය බව පෙන්නාපු 
 හිත් අස්සෙ තියෙන්නෙම 
 මහමෙරක් සන්තාප 
 කාටවත් නොපෙනෙනා 

 මලක් වී උදෑසන 
 අතු මත්තෙ පිපෙන්නෙම 
 රෑ පුරා සුසුම් ලෑ 
 ගසක දුක් වේදනා 

 හුස්මකින් තිගැස්සෙන 
 හදවතේ තිබු නමුත් 
 මල් සුවඳ රැකගන්න 
 මහඟු පෙම් ප්‍රාර්ථනා 

 ඒ හීන හිත දරා 
 වෙන් වෙන්න වූ දාට 
 ගැලපිලා එකට එයි 
 නැති කරුණු කාරණා 

 නෑවිදින් හිටියාට 
 දුකක් නෑ කිසිදාක  
 ඒත් මුණගැහුණාම 
 යළිත් හිත පෑරෙනා 

 ජීවිතේ නව්කාව  
 කොහි යාද නවතීද 
 නොසිතාම යා කරමි 
 රෑ අහසෙ තාරුකා!

3 comments:

  1. හරි අපූරුයි....
    සමහර වෙලාවට අපි කියන හයියයි හිත් මෙලෙකයි ඒ තරමටම... ආදරෙන්

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.