මල් සුවඳ මග ඇරුන 
අළු දූලි හෙවණැල්ල 
කාන්සිය පිරෙන හිත 
නැගෙද්දිත් අරුණැල්ල 
සොඳුරු නැති බව ඇත්ත 
කොලොම්පුර පවනැල්ල 
ඒත් දිගටම හුස්ම 
ගත යුතුයි පෙණහැල්ල 
සැකයකිය නිරතුරුව 
අසනීප හදවතේ 
හැකිවේද නගින්නට 
ජීවිතේ ගිරිදඹේ 
ඉසිඹුවක් ගත හැකිය 
හොවා සැනසුම් හිතේ 
ලැබෙයි නම් දිගම දිග 
ඔබේ කෙටි පණිවිඩේ...
දම්පාට ආකාසෙ 
මන්දාරමක් ගාව 
ඔබ නැතිව ඔබ එක්ක 
පාවෙන්නමයි ආස 
සංසාර සුවඳක්ව 
මේ පාලු හිත ගාව 
සැරිසරන පිනම ඇති 
ගෙනියන්න යනදාට...
හ්ම්... අපූරුයි. ලාස්සනයි ❤❤
ReplyDeleteස්තුතියි ස්තුතියි නමී.
Delete