රෑවී ළඟ ලඟම අඳුරද මතු වෙන්නා
බෑවී ඉවසීම මක, තරහක් එන්නා
ආවී නැහැ ගෙදර තාමත් අර දෙන්නා
ගිය පසු උදේ නැගිටල දඩි බිඩි ගාලා
අපි මෙහෙ තට්ට තනියම අත හැර දාලා
රෑ බෝ වෙලත් ගෙදරක් ගැන නොහිතාලා
මක් කරනවද දන් නැහැ මෙච්චර වේලා
ඉන්නට තැනක් තිබු පමණින් අපිට සුව
කන්නට යමක් දුන් පමණින් ළඟට තව
පූසන් ටත් හිතක් පපුවක් තියෙන බව
තේරුන්නැති එකයි දෙන්නට, අපගෙ පව
යන්තම් ශේප් වි උදයේ දුන් කෑමෙන්
ඉවසන් ඉන්නෙ අපි තුන් කට්ටුව සෝකෙන්
දුවගෙන ගොස් මගට කකුලට පැන වේගෙන්
අඟවන්නෝන කෝපය බෙරිහන් දීමෙන්
එල්ලෙන විට මිරිස් පොඩි ගස්වල රුවට
ඉන්නම බැරුව කඩලා දැම්මනෙ බිමට
කොළ ටික රම්පෙ පඳුරෙහි ඉරමින් හොඳට
වැනසුව පලාතම අරගෙන අපෙ අතට
දඟ වැඩ පොඩි උන්ට කැප බව දත් හින්දා
පෙරලල බිමට මල් පැළ ඔක්කොම බින්දා
බඩු ඇද හොඳම සන්තෝසමකුත් වින්දා
මදි මුත් හිතට වෙන මක් කරමුද මන්දා
නැගගෙන දර කොටයකට පුප්පගෙන බලන්
දිරි ගෙන හිතට කල යුතු දෙය මෙනෙහි කරන්
ඉන්නේ ඔරවගෙන පාරට දෙනෙත යොමන්
ගෙදරට කොයි වෙලේ දෙන්නා එයිද බලන්
ආදෙන් අද ගෙදර ඉවසුම් නෑ හිතට
රෑ කෑ ගහල වද දෙනවාමයි තදට
පොඩි හරි සමාවක් දිය හැකි වෙයි අදට
යෝගට් වත් අරන් ආවෝතින් අපට.
උසස් නිර්මාණයක්.
ReplyDeleteබොහොම ස්තුතියි ඉයන්.
Deleteආවා මෙහෙත්... ස්තූතියි ඉයන් පාර පෙන්නුවට
ReplyDeleteමෙන්න කවි කාරිත් ඇවිත්. බොහොම ස්තුතියි සඳවතියේ මෙහි ආවාට. පාර පෙන්වූ ඉයන්ට නැවත වතාවත් ස්තුතිය.
Deleteස්තුතියි කසුන් අහසෙන් මෙහි ආවාට.
Deleteharima lassanai diwagiya mage hitha aathata . mathak una mage pusa kirisuttawa aran karata wadagena awidda waththa pura, eyath asa una puru puru gamin rasa vinda waththa pura awidina kota . kiyanawa wadaganna kiyala malawade yanko geta keewa wage andanawa boring unama
ReplyDeleteස්තුතියි ඔබටත්. මා වැනිම පූස් ගායෙන් පෙලෙන තවත් කෙනෙකු හඳුනාගන්නට ලැබීම සතුටක්.
Deleteනියමයි <3 <3
ReplyDeleteස්තුතියි යාත්රා.
Delete+++++++++
ReplyDeleteThank You Pra.
Deleteබළලුන් හොඳයි වැලි ගොඩවල් නැති මිදුලේ
ReplyDeleteසමහර උන්ට මීයන් දුටුවත් නැහැනේ අවුලේ
හිතාන ඉන්නේ උන් දෙවියන් කියාලුනේ
බල්ලන් හිතනවලු අපි දෙවියන් කියළා බොලේ
මකබෑ(මට කවි බෑ)
හැදිලා ඇත පූසො ලැජ්ජාවට බයට
Deleteවැලි තිබුනත් මිදුලෙ අවුලක් නෑ අපට
බව්වෙක් ගේන්නට ආසාවක් තදට
තියෙනව හිතේ බලමුකො තව ඉදිරියට.
මකබෑ. ලස්සන අදහස (සබාවේ තදින් සිනා). බොහොම ස්තුතියි සුදීක ඔබේ පැමිණීමට සහ ප්‍රතිචාරයට.
ඉයන් ගෙන් පාර අහගෙන තමයි ආවේ. හරිම හුරතල් පූස් පවුලක් නේ.
ReplyDeleteස්තුතියි මානවී මේ පැත්තේ ආවාට. ආයෙත් එන්න.
Deleteසුපිරි කතාවක්නේ..
ReplyDelete