සඳක් නික්මී අහස් ගඟටම ගෙනෙන්නට සඳ පිණිදිය
සිතක් ඇතිවී තෙමාලන්නට එසඳ සිසිලෙන් මිහිලිය
මතක් කරමින් වෙහෙස වුනමුත් නිමා කරනට බැරිවිය
අඩක් ලිව් කවි පලා ගොස් සිත පතුලෙ සුසුමක හිරවිය
එදා ඉරිදා නපුරු හීනෙක වෙලී වෙන්වුන අප වෙතින්
සදා සැනසුම පතා සැමටම සිතේ උතුරා යන පෙමින්
හදා ගමු හිත් සැමට පොදු වූ දහම දැක ඇති තතු ලෙසින්
සදා කාලික ලෙසින් කිසිවක් ලොවේ පවතිනු බැරි බැවින්
ලබා නොමගෙන ඉසිඹුවක් සිත ගෙවා දැමු දින අපමණයි
හඹා යන සැප කවමදාවත් නොලැබ යන මිරිඟුව සමයි
දමා වත්කම් සියල්ලම යම් දිනෙක යන්නට වන වගයි
යොමා නුවණැස ටිකක් නැවතී මඳක් සිතුවෝතින් හොඳයි
+++++
ReplyDeleteThank You Pawan.
Deleteඅත්හැරීම ගැන මෙනෙහි කිරීමෙන්ම ජීවිතයේ යථාර්ථය ගැන අවබෝධයක් ලබා ගත හැකියි.
ReplyDeleteඑයම තමයි මා කීමට උත්සාහ කල කරුණ. බොහොම ස්තුතියි මෙහි පැමිණීමට සහ ඔබේ වටිනා අදහස් මෙහි තබා යාම ගැන. එය මට විශාල සතුටක්.
Delete