Thursday, August 4, 2022

230. හඳ















    කියවපු පොත් වල 
    හිත ගිය තැන් වල 
    කොහෙහරි අපි දෙන්නම හිටියා 

    රිවයින් කර කර 
    අහපු සිංදුවල 
    අපෙ කඳුළැලි හසරැළි රැඳුනා 

    මැදියම් රෑ මම 
    තාම ඇහැරගෙන 
    හඳ නොකියම බැස ගොස් තිබුණා 

    කළුවර දැක දැක 
    ලිව් හැම කවියෙම 
    ඒත් හඳේ සිහිලම තිබුණා...


5 comments:

  1. Replies
    1. විනීද පූෂ්..... දිගටෝම ලියන්ටකෝ

      Delete
    2. ටැංකිව් නමිෂ්. බලමුකෝ ලියන්න. මේ ටිකේ පොඩ්ඩක් විවේක සුවයෙන් ඉන්නෙ.

      Delete
  2. Replies
    1. ටැංකිව් සඳේ. දැක්කත් සන්තෝසයි.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.