දෙතොල හරහා අඳිමි මතකෙන්
එකල සුපුරුදු සිනා ලකුණූ
දෙනෙත පිසදා සිහිළ කඳුලෙන්
සොයමි දිදුලන මතක සොඳුරූ
සිතෙහි සතපා මිහිර අපමණ
සෙමින් නික්මී ගියේ කවුරූ
රුවක නතරව අතරමං වෙමි
අතර නටඹුන් සිහින පවුරූ
සයුරු රලපෙළ බිඳෙන වැළපෙන
නිසල වෙරළෙහි දුකම කෙඳිරූ
හිතත් එක්කම ගියේ සේදී
තැනු නිසාවෙනි සිහින මැඳුරූ
තාරුකා එළි එකක් වත් නැති
පාලු අහසෙහි පිරුණ අඳුරූ
සොයමි මට මා මගහැරී ගියෙ
මන්ද මේ හැටි ලොවක නපුරූ ...
(පින්තුරය අන්තර්ජාලයෙනි.)
වනාත පූෂ් මෙච්චරල කල් කොයිද ගොයින් හිටියෙ...
ReplyDeleteහපොයි.... හොඳටෝම හිත රිදිලා වාගේ
Deleteඔව්නෙ. මම ගිහින් හිටියෙ කට ගාවට පිරිච්ච වැඩ ටික ඉවර කරලා එන්න.
Deleteඅනේද කියන්නෙ. රිදුණා රිදුණා නැති වෙන්නම රිදුණා.
ලොව නපුරු මුත් විටෙක සොඳුරූ
ReplyDeleteවිටෙක එළියයි විටෙක අඳුරූ
අනේ බොහොම ටැංකිව් නිදිතුමෝ. ඇවිත් කවියක් කිව්වට.
Delete