වෙරල ගල්පර හමු නොවී නම්
පෙරළිලා රළ එන මගේ
සද්දයක් නොනැගෙන්න තිබුනා
අපරිමිත වූ සිඳු හදේ
ඇද පළුදු නොසොයාම ඇවිදින්
නොදිලුනා නම් තරු රැයේ
ලස්සනක් නොපෙනෙන්න තිබුනා
අපරිමිත වූ අම්බරේ
සුළං රැල්ලට මුහුව යන
ජීවිතේ අවසන් තත්පරේ
තෙක්ම නොනැසී ඇසෙනවා ඇති
ලියු ගී හදවත් පොතේ
හමුවෙලා යලි හිමි වුනානම්
සැබෑ වී පැතුමක් හිතේ
මේ තරම් නොදැනෙන්න තිබුණා
අපරිමිත වූ ආදරේ...
ලස්සන අදහස් ..❤
ReplyDeleteටැංකිව් සඳේ. ❤️
Deleteඅපරිමිත වූ ආදරේ... හුම්💔❤️
ReplyDeleteහුම් හුම් 💔.... ටැංකිව් නමියො.
Delete