Tuesday, October 29, 2019
114. ඔබ ගියාම දුක මටදී
තවත් කඳුලක් හුඟක් හීතල නෙතේ අග්ගිස්සෙහි තියා
කිසිත් නොකියම දුටුව පමණින් නික්ම නිහඬව ඔබ ගියා
නවත් වන්නෙම නැතුව වදවෙන හිතට එගැනම ගතු කියා
අදත් තනිවෙමි අපේ මතකයෙ බිඳුණු හීනෙක ඇස් පියා
දුරින් හුස්මක් තරම් ඈතට වත් නොයන්නැයි මුමුණමින්
හිතින් මොහොතක් වෙන් නොවී ළඟ හිටිය අන්දම සෙනෙහසින්
ඉතින් දැන් නම් හුඟක් ඈතයි කැඩුණු හිත ඇත විසිරෙමින්
කමක් නෑ ඔබ ඉන්නවා නම් ඔබේ සිහිනෙට ලං වෙමින්
නිමක් නැති සිතුවිලි අනන්තෙක තනිව ඔහෙ සැරිසරනවා
ඇවිත් යන්නට මොහොතකට හරි ආයෙ ඒ යයි හිතනවා
තවත් උපදින හිතේ සෙනෙහස කොහේ තිබුණිද හොයනවා
නැතත් ඉස්සර වගේ ඇගයුම් තාම මං කවි ලියනවා
(පින්තූරය අන්තර්ජාලයෙනි)
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
කොහොමද අනේ එකම ආරෙන් එකිනෙකට වෙනස් කවි ඔයා මෙහෙම අපූරුවට ලියන්නේ .....
ReplyDeleteමේ දවස්වල කවි මූඩ් එකේ ඉන්නේ සඳවතියේ. එක වෙන්න ඇති මම හිතන්නේ. බොහොම ස්තුතියි ඔයාගේ දිරි ගැන්වීමට.
Delete