Wednesday, October 9, 2019
110. මම දන්නවා
පුළුන් පිට අත ගගා දවසෙම ඔහේ මගෙ ළඟ ඉන්නවා
කලින් වගෙ දිලිසෙන්නෙ නෑ ඇස් අමුත්තක් මහ පෙනෙනවා
අයිස් වගෙ හීතලයි අත් දෙක මටත් සීතල දැනෙනවා
ඉතින් හිටියට මෙතන හිත වෙන දුරක බව මම දන්නවා
අරන් එනකොට කෙනෙක් හිතකට දයාබරකම් උතුරන
හිතන් නැතුවම හීන ලෝකෙක ගිහිල්ලා අපි තනිවෙන
ගිලන් වුවහොත් පැතුම් විසිරී ඇසිල්ලෙන් හද දියවෙන
සතුන් මිනිසුන් කියා වෙනසක් නොමැති බව මට වැටහෙන
කතා කර අස්වසා ලන්නට නොහැකි බව ඇත්තයි හුඟක්
අසා ගෙන ඉන්නට එහෙත් හැකි කියනවානම් මට දුකක්
පතා ගෙන ආ විදියටයි සිදු වෙන්නෙ දේවල් නැහැ සැකක්
හිනා වෙන්නකො අනේ පොඩ්ඩක් නැතොත් මගෙ හිතටත් බරක්!
(පින්තූරය අන්තර්ජාලයෙනි)
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
ලස්සනයි පූ...
ReplyDeleteබොහොම ස්තුතියි මියුරු.
Deleteබොහොම ස්තූතියි විනීත පූ (මරැ නමක්!) කළින් ලියූ දඟ පූසො තුන්දෙනාගෙ සිතුවිලි වලට හාත්පසින්ම වෙනස් සීරියස් පූසෙක් මූ නම්. ඔබේ දක්‍ෂතාවය සහ නිහතමානීත්වය ඉතා අගේ කරනවා. ඔබේ අළුත් කවියකින් ආයෙත් හමු වෙමු.
ReplyDeleteබොහොම ස්තුතියි ඒන්ජල්.
Deleteමං චූටි කලේ කලුම කලු පුසෙක්ට ආදරේ කලා.. ඌ ඊට පස්සේ නැති වුණා.. දැන් නම් ආස බව්වොන්ට. ලස්සන කවියක්...
ReplyDelete