Monday, September 16, 2019
99. මගේ පව්
අනන්තයකට අරන් ගිය හිත හීන ලුහු බැඳගෙන තදින්
අහස් තලයද කඳුළු වගුරයි රිදුම් පිරිමදිමින් හෙමින්
හිතන්නත් බැරි හදිස්සියකින් ගෙවී ගොස් තත්පර සැණින්
ඇවිත් තව සතියකුත් ආපහු මටම විඳවන්නට ඉතින්
කතා නොකරන හදවතක් තුල සදා සිරගත වී ඉඳ
බදා ගෙන දුක හඬා වැලපෙන මගේ සන්තානයෙ හද
පුරා දැල්වෙන මහා ගින්නක එකදු ලකුණක් හෝ මඳ
නෙතේ කැල්මක දකීදෝ නුඹ නිහඬ වන්නෙමි බිය වැද
හිතේ සැනසුම පිරී ඉතිරුණ පියවි සිහියට හරි ළඟින්
අගේ ඇති දිග දවස් තිබුනා මටත් කාලයකට කලින්
සඳේ එළියත් අහිමි වී තනි වෙද්දි අහසක් කළුවරින්
මගේ පව් මට තනිව ගෙව් හැකි උදව්වක් නැතුවම නුඹෙන්
(පින්තුරය අන්තර්ජාලයෙනි.)
.
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
ඔයාගේ හැකියාව විශිෂ්ටයි
ReplyDeleteහැබැයි මේවා කියවනකොට මට දුකත් හිතෙනවා මමත් කෙල්ලෙක්ට බූට් එකක් දීපු හින්දා මට දැනෙන්නේ මේ එයාගෙ වචන වගේ
හොඳ වැඩේ. එහෙම තමයි වැරදි වැඩ කරාම. මොනවා උනත් කමෙන්ට් එකට ස්තුතියි.
Delete