Monday, September 23, 2019
102. ඉතින් පුදුමයි
මදහසක් මුව පිපි ගමන් හිත ඈත ලෝකෙක ඇදෙනවා
වදනකින් තෙපලන යමක් හිත මහ ගොඩක් දුර නිවනවා
දකිනකන් සිතුවිලි ගඟක් තුළ කිමිදෙමින් සැරි සරනවා
සමහරක් අය දන්නෙ නැතුවම ගොඩක් පින් කර ගන්නවා
එළිය පුංචිම පුංචි තරුවක වැහි බරින් පිරි හවසක
තනිය දිය කර සෙනේ හිත ළඟ හීදී අවපස අහසක
උහුල ගනු බැරි වේදනා දෙන හිතම සසැලෙන මොහොතක
දසුන ඔබෙ මට ලෝකයම බව ලියමි සෙනෙහෙන් කවියක
එකින් එක සීරුවෙන් ගලපා සියුම් ඉරියව් පිරිමැද
මඳින් මද ආදරේ අතුරා දැහනකට සුව සමවැද
යලිත් කිසිදා නොයන්නට ආ වගම මවෙතට පිරිසිඳ
ඉතින් පුදුමයි තාම ඔබ නැවතුනා මගෙ හිත හරිමැද.
(පින්තුරය අන්තර්ජාලයෙනි.)
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
ලස්සනයි. ඔබේ පස්සෙන් පන්නන (following) රසිකාවියක් උනා හොඳේ!
ReplyDeleteබොහොම ස්තුතියි ඔයාට.
Delete