Friday, September 20, 2019
101. දුරින් නොව ළඟින්.
බලන් ඉන්නට බැරිම තැනකදි අහක බැලුවට හෙමි හෙමින්
දුවන් විත් කලබලෙන් මගෙ නෙත් නිරන්තර නුඹ පිටුපසින්
බිදන් හද ඉම ඉවුරු උතුරන නිමක් නැති සෙනෙහස ගඟින්
මටත් මා දැන් අහිමි වී බව පසක් කරදෙනවා දුකින්
වගක් නැතුවම බැහැල අහසින් මූදටම යනකොට ඉර
අහක් කර නෙත් මායිමෙන් රුව නුඹත් පිය මැන්නා දුර
සඳක් ආවත් හිනා වීගෙන විලෙන් නිල් දිය ඉඳුවර
නිවෙන් නේ කවදාද නොදනිමි හිතේ මේ මහ කළුවර
ලැබුන් නැතිවට කමක් නෑ මට දුරින් හෝ හිඳ පෙනේ නම්
පිළිස්සෙන හිත මොහොතකට හෝ එයින් බිඳුවක් නිවේ නම්
අගිස්සෙත් අතු නුඹේ සිනහව අරන් හෙට මල් පිපේනම්
දුරස් නෑ මේ මගේ ළඟමයි නොවෙද නුඹ මගෙ හිතේ නම්.
(පින්තුරය අන්තර්ජාලයෙනි.)
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
ඔබට තිබෙන්නේ අපූරැ නිර්මාණ ශක්තියක්.
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteලස්සනයි තිතට ලියල තියෙනවා
ReplyDeleteබොහොම ස්තුතියි ඔයාටත්.
Delete