Sunday, December 17, 2023

258. මං වෙනුවෙන් මං.














වසර ගණනක පටන් උපන්දින සුබ පැතුම 
අති මහත් ප්‍රමොදෙන් මම මටම එවා ගමි 
කුඩා මල් පොකුරකුත් චොකෝ පෙති කීපෙකුත් 
මගෙ නමට මංම ඔර්ඩර් කරන් ලබා ගමි 

මාස්ක් එක දැම්මාම කාටවත් පේන්නෑ 
මමම මගේ අති ජාත මිතුරියක වෙලා ඉමි 
නොනවතින කතාවෙන් සිනාවෙන් එක දිගට 
බස් එකේ මග තොටේ දොඩමළුව ගමන් යමි 

දුකක් හිත දැනුනාම මමම වට්ස්ඇප් එකෙන් 
මටම පණිවිඩ ඒවා මගේ හිත හදාගමි 
සතුටු කිසිවත් වෙතොත් මංම මං එක්කගෙන 
ගොසින් හයි ටී එකක රස පහස ලබාගමි 

කවි කතා වලට මගෙ ප්‍රතිචාර අඩුයි නම් 
මගෙ අනිත් නමින් මං කමෙන්ට්ස් එහි ලියාගමි 
පිං අතේ වැඩක් හෝ හොඳ දෙයක් කළා නම් 
මංම මං අගයමින් තෑග්ගක් ලබා දෙමි 

මහන්සිය ආවාම මංම මට අමතගෙන 
හාෆ් ඩේ ලීව් එක එම සැණින් ලබාගමි 
කොනක ස්ටේසමේ කඩල ගොටුවක නැතොත් 
කොෆී ෂොප් කෙළවරක සිට සිහින හඹා යමි 

ඒත් මදි වගේ නම් පහුවදාටත් ලීව් 
දික් කරන් මං කියන තැනක ඇවිදලා එමි 
අයිස්ක්‍රීම් කානිවල් එකක අමතක නොවෙන 
දිනක් මං මං එක්ක ගෙවා දිය වෙලා එමි 

ඉල්ලලා කවුරුවත් තරහ නං වෙන්නෙපා 
දෙන්නෙ නෑ කාටවත් යලි යළිත් කියා ඉමි 
මගෙ සතුට අයිති මට වෙන කාටවත් නෙවෙයි
එහි ස්විචය නිතරෝම මගෙ අතේ තබා ගමි 
(පින්තූරය අන්තර්ජාලයෙනි.)


ප. ලි.
ඉයන්ගේ පෝස්ටුව කියවීම නිසා කලක පටන් මං මා වෙනුවෙන් කරන කැපවීම ඉබේම කවියට නැගුන වග සඳහන් කරමි.

18 comments:

  1. All the lonely people,
    Where do they all belong?
    Ah, look at all the lonely people!
    Ah, look at all the lonely people!
    (from Eleanor Rigby - by John Lennon and Paul McCartney)

    ReplyDelete
  2. මේක මරු. මම මේ එල්ලෙන්න කඹයක් හොයන ගමන්.

    ReplyDelete
    Replies
    1. අර මොකටද කඹ හොයන්නෙ. අනුන්ටත් කවි ලියවෙන විදියට පොස්ට් දාන එක කොයි තරම් නම් හොඳද. බොහොම ස්තුතියි ඉයන්.

      Delete
  3. ඒක ඉතාම වටිනවා. ලස්සනයි
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමී. අපිට අපි මග ඇරෙන්න දෙන්න නරකයි. බොහොම ස්තුතියි.

      Delete
  4. ඔයාගෙ අදහස හරි. අපිවත් අපිට නැතිනම් වෙන කව්ද? හරිම අඟෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරි ❤

      Delete
  5. අඩේහ් ඒක මරු...මේ කවි ඇතුලේ මාත් ඉන්නවා..දැන් යන්න් ඕනෙ ඉයන්ගෙපෝස්ට් එක බලන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් සඳේ. ඔය ඔක්කොම නොකලට අඩු වැඩි වශයෙන් අපි හැමෝම වේ කවියේ ඉන්නවා කියලා තමයි මටත් හිතෙන්නෙ. ස්තුතියි හොඳේ ❤

      Delete
  6. මරු , මමත් මටාම කොමෙන්ට් කරගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. ඒවා හොඳ වැඩ. බොහොම ස්තුතියි අජිත්.

      Delete
  7. තමා වෙනුවනෙ තමා+++++++එල++++++++++++ - Mayya

    ReplyDelete
  8. නියමයි. එල්ල ගත්තා බ්ලොග් රෝලෙ. 👌🙏

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බසු තුමනි.🙏

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.