Friday, March 4, 2022

224. ඇත්ත

 

















  දුකක් හිතුනම ලියවෙන 
  හුඟක් කවිවල ඇත්තෙම 
  ටිකක් තිත්තට දැනුනත් 
  හිතේ නලියන ඇත්තයි 

  තමන් හරි යයි හිතුනත් 
  පෙළක් විටෙකදි ගොළුවෙන 
  හිතින් කිව්වෙම කරබා 
  බලා ඉන්නට කියලයි 

  මලක සුවදක් අරගෙන 
  වහං උනමුත් සුළඟක් 
  සුවඳ දැනෙනෙක කිසිදා 
  වලක්වන්නට බැරුවයි 

  ගෙවී අවපස හෙමිහිට 
  උදා වෙනකොට පුරපස 
  සඳක් දිළි දිළි අහසේ 
  හිනා වෙනවා නිසැකයි!



2 comments:

  1. හ්ම්.. අපූරු කව💔💔
    විනීත පුෂ්ගෙ ෂිත පපෑරිලා වගේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් අයියො. හිත හදාගන්න ලියන එව්වා තමයි ඔය. ටැංකිව් හොඳේ.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.