Sunday, March 6, 2022

225. පරාජිත නොවූ පෙම

















  
   දුර්වර්ණ සමරු පොත අරගමී 
   තිස් හතර වෙනි පිටුව පෙරලමී 
   එදා ඔබ එහි තැබූ අපේ නම් දෙක ලියූ 
   රෝස මල් පෙති යලිත් දැකගමි 

   සිනාසෙන මතක මත දිවයමී 
   දයාබර ලෙස තුරුළු කරගමි 
   මුතු අකුරු මත ලිහූ අපේ හීන වල තිබූ 
   මල් සුවඳ ලයෙහි සිර කරගමී 

   ගැහෙන හදවත පතුල විමසමී 
   ඔබ සිටිය පෙදෙස වෙත පිවිසෙමී
   ලොවක් මා ළඟ මැවූ උණුහුමෙන් තොර නොවූ 
   සදාදරණීය සිත සිපගමී 

   කියා ගනු බැරි ඉමක නවතිමී 
   නිරාමිස සුව එහිත් සොයනෙමී
   හමු වෙලත් හිමි නොවූ හිමි නොවිත් වෙන් නොවූ 
   පරාජිත නොවූ පෙම අදහමී!



6 comments:

  1. ලස්සන මල් තවත් ලස්සන නෙලා ගන්ට පෙර කියනව නෙව......

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්. ටැංකිව් නමී.

      Delete
  2. Replies
    1. ටැංකිව් සඳවතියේ. ඔයාගේ කවි සඳැල්ලට යන්නත් බැරි උනා කාලෙකින්. අද හෙට යන්න ඕන.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.