දුකක් හිතුනම ලියවෙන
හුඟක් කවිවල ඇත්තෙම
ටිකක් තිත්තට දැනුනත්
හිතේ නලියන ඇත්තයි
තමන් හරි යයි හිතුනත්
පෙළක් විටෙකදි ගොළුවෙන
හිතින් කිව්වෙම කරබා
බලා ඉන්නට කියලයි
මලක සුවදක් අරගෙන
වහං උනමුත් සුළඟක්
සුවඳ දැනෙනෙක කිසිදා
වලක්වන්නට බැරුවයි
ගෙවී අවපස හෙමිහිට
උදා වෙනකොට පුරපස
සඳක් දිළි දිළි අහසේ
හිනා වෙනවා නිසැකයි!
හ්ම්.. අපූරු කව💔💔
ReplyDeleteවිනීත පුෂ්ගෙ ෂිත පපෑරිලා වගේ.....
ඔව් අයියො. හිත හදාගන්න ලියන එව්වා තමයි ඔය. ටැංකිව් හොඳේ.
Delete