සනසන්න සුළගේ ඈ වෙත ගිහින්
ඇගෙ සවන රහසක් කියා
වැව රවුම පිරිලා ආයෙත් පිපී
ඇගෙ රෝස රොබරෝසියා
මේ පිපෙන මල් ගානෙ
බිම වැටෙන පෙති ගානෙ
මං ආදරේ යැයි කියා...
කන්දක් තරම් හීන පිපුනා හිතේ
පැතුමක හෙමින් ඇස් පියා
වැව් දියට අත හැරපු දා ජීවිතේ
හැඬුවාලු රොබරෝසියා
හැරයන්න ලෝබයි අදත් ඇත්තමයි
මල් සුවඳ හිමි නෑ කියා
එක්වන්නෙ නැති බැව් සැබෑ පෙම්වතුන්
දන්නේලු රොබරෝසියා
පවසන්න සුළගේ ඈ හට හිගින්
මං ආදරේ යැයි කියා
මොහොතක් දුරින් ඉන්න අපෙ ආදරෙන්
මට හරිම ලෝබයි කියා...
Inspired By:
මට නම් හිතෙන්නේ සැබෑ පෙම්වතුන් කවදාවත් අතහැරෙන් නැහැ කියලා. නීතියේ කොළයකට සැබෑ පෙම්වතුන්ව කොටු කරන්න බැහැ. මොකද හරිම සංසාරික ප්‍රේම වෘත්තාන්තයක ප්‍රේමය මිසක් අයිතිකරගැනීමක් නැහැ. එයාල ෆිසිකලි වෙන්වුණත් එක් වුනත් හදවතේ ආදරෙ තියාගෙන හුස්ම ගන්නවා.. අන්තිම හැමෝම වගේ මැරිලා යනවා. නමුත් ඒ ප්‍රේමය මැරෙන් නැහැ.
ReplyDeleteඇත්තම ඇත්ත අරු. බොහොම ටැංකිව් ඔයාට හොඳේ.
Delete