යාන්තමින් මුව සිනා පුරන විට බලා මදෙස නෙත් කොනින්
කාන්දමක් සේ ඇදී ගිහින් හිත නවතිනවා ඔබ ලඟින්
වාන් දොරටු හැර අනන්තයට සිත වාන් දමද්දීත් පෙමින්
හාද්දකින් කම්මුල සනසන්නට වරම් නොමැත මට ඉතින්
මෑත් වෙමින් අතු අගින් පිපෙන සුදු අරලිය සුවදක් වෙමින්
ආත්මයක් ගානේ අපි හමුවුණු සුවද තියෙයි හිත ළඟින්
කාත් කවුරුවත් නොමැති මගේ ලොව කළුවර හීනෙට ලොබින්
මේත් ඉතින් ඇති ගෙනා එළිය බිඳ හුස්ම නිවෙන්නට කලින්
ප්‍රාර්ථනා දියවෙලා මියෙන තරු අහස් ගඟේ සැඟවෙමින්
හීන් හඬින් ඈ රහස් කියනු ඇති ඔබේ සවන හැප්පෙමින්
දෑස් පියන් වෙත සඳ දිය බින්ඳක් අරන් අපේ හීනයෙන්
ඈත් වෙලා යමි මාත් කොහේ හරි අහිමි ප්‍රේම මන්දිරෙන්

(පින්තූරය අන්තර්ජාලයෙනි.)
No comments:
Post a Comment