Wednesday, October 7, 2015

15. ගිරා පැටියෙක් ...



උදේ ඉඳලම මහා යුද්දේ
දොඩව දොඩවා සද්දෙට
ගිරා පැටියෙක් කූඩුවෙන් පැන
ඇවිල්ලා අපෙ ගෙදරට

ආත්තම්මට වෙන වැඩක් කොහෙ
කියන දේවල් අහනවා
අහක බැලුනොත් එහෙම වැරදිල
අනේ පව් සැර දමනවා

වටවෙලා කට්ටියම එකලඟ
බලයි මොකදැයි මේ හබේ
අහල පහළත් ගෙවල් වල අය
ඒවි දැන්නම් මයෙ හිතේ

කෙලත් පෙරෙනව කෑ ගැහිල්ලට
පිසිය යුතු වේ නිතරම
වෙවුල වෙවුලා වැනේ ඔළුවත්
ගණන් ගත්තේ නැතුවට

ඇඟේ හැටියට නොවේ කට නම්
ලැබී තියෙනව ලොකුවට
අපිට බැලු හැකි කොමඩි ස්ටාර්
හිනා වී ගෙන හොඳටම ...


No comments:

Post a Comment

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.