Thursday, October 1, 2015

12. නුඹේ සිනා හින්දයි


තරු මල් ඉහිරෙයි - මුළු අහස පුරා
ඒ නුඹේ සිනා හින්දයි
එක වරක් සිනා - වී නිදියයි නම්
ඒ ඇති මගෙ සිත සැනසෙයි
තරු කඩා වැටෙන - රෑ අහස පුරා
නුඹ මගේ ළඟ හිඳ නැලවෙයි ...

ලා රෝස මුවින් මොනවාද කියයි
සෙනෙහසින් මහද සනසයි
මා ඉතින් ගොඩක් ආදරෙයි තමයි
එය කියාදෙන්නෙ කොහොමැයි
තරු මල් ඉහිරෙයි...

ලස්සනයි නුඹේ- ඔය සිනා මුවේ
හරි අහිංසකයි සුවඳයි
කප්පරක් තරම් - දුක් කන්ද හිතේ
කොහෙ ගිහිල්ලදැයි පුදුමයි
තරු මල් ඉහිරෙයි...


No comments:

Post a Comment

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.