Thursday, October 15, 2015

17. සවස පහ වන තුරු ...


මැවි මැවි පෙනෙන සිය දහසක් වර නිතැතින්
කරනට තිබෙන සිය දහසක් වැඩ අතරින්
දුවගොස් ගෙදර ලද පොඩි ඉසිඹුවෙ විගසින්
එන්නෙමි සුවඳ අරගෙන දුවගේ මුහුණෙන්

පැනලා අතට පාමින් සුරතල් සිනහා
තුරුලුව සිටී අවිහිංසකකම විදහා
නොරැදී එහිම මල් පෙත්තක සිත සනහා
දුව එමි යළිත් දවසේ මෙහෙවර සඳහා

සිර කර සුවඳ පොද අරගෙන ආ සිතට
සිහි කර සුමුදු සුරතල් සිනහව ළඟට
ඉන්නට හැකි එයද මහ සතුටකි හදට
ඒ ඇති අද සවස පහ වන තුරු මෙම


No comments:

Post a Comment

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.