Friday, November 19, 2021

177. වැස්ස












විසික් කර මට කුඩේ ඔයා තෙමි තෙමි බැස්ස 
ඉගිල් ලුන බස් රතේ පළාතෙම මඩ ඉස්ස 
අහස කුස වසා කළු වලා පෙළ එලි බැස්ස 
මතක් කර කර ඔයා අදත් දවසම වැස්ස! 

නවත් වන්නෙම නැතුව එන සීත මදනලේ 
පහත් කරගෙන දෑස ගුලි ගැසෙන කළුවරේ 
පසක් කරමින් සෙනෙහෙ උතුරුවන හදවතේ
හුඟක් මල් පිපෙයි දැන් අපේ වතුසුදු පැලේ 

වෙන්ව ගිය ආදරේ හිමිකමක් නැති කමට 
හිස්ව ඇති ජීවිතේ හැඩගැහෙන තනිකමට 
ඇත්ත ටම පසුතැවෙන සමහරක් දවසකට 
මල් අතර පෙනෙනවා ඔය මූණ එකදිගට!

2 comments:

  1. පලමු පදයෙන් මවන සංකල්ප රූපයට දෙවෙනි පදයෙන් මඩ ඉහුනද කියල හිතෙනවා!

    ReplyDelete
    Replies
    1. මඩ තමයි හැමතැනින්ම ඉහෙන්නෙ. බොහොම ස්තුතියි කමෙන්ට් එකට.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.