තියාගෙන අඳුරු පැහැ වලා සිය තුරුලෙහී
කියා ගනු බැරි කඳුළු කවියකිය අහසෙහී
එවා සිය සුසුම් වැල් සුළං කෝඩෙක මෙහී
දරා ඉන්නට බැරුව හවස් වෙනකොට වහී
ඇට මිදුළු කකියවන අකුණුසැර ඉදිරියෙන්
පෙති සිඳුණු රෝස මල් බිම බලයි සීරුවෙන්
බැරි මටයි මිදෙන්නට තවම මේ හීනයෙන්
මට පුදුම ඔයා ගැන වෙනස් වුන ලේසියෙන්
ආ මගින් හැරී අප, අප නමිනි වෙන් වුනේ
ආ දරෙන් අසීමිත ඇන්ද රූ බොඳ වුනේ
යා නොහී තව දුරක් මා ඉතින් නැවතුනේ
ඒ මතක මල් මතින් ඔයාමද නික්මුණේ
ආකහේ මා වගෙයි පාට ටික හේදුණූ
කමක් නෑ ඔබට වත් ඇඳෙයි නම් දේදුණූ
රිදුම් දෙන කඳුළු ළඟ හීතලේ මියැදුණූ
පුච්චනව බඩ පපුව තේ එකත් අද උණූ
"ආකහේ මා වගෙයි පාට ටික හේදුනු" ලස්සන යෙදුමක්!
ReplyDeleteඅඩේ.. වේලි වේලි තියෙන මගෙ බ්ලොගේට තට්ට මහත්තයා ඇවිත් නොවැ . බොහොම ටැංකිව් හොඳේ.
Deleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDeleteස්තුතියි සඳකඩ පහණ!
Deleteඒක නං අපූරු කවියක්... ලස්සනයි.. ❤️❤️
ReplyDeleteබොහොම ස්තුතියි මහේෂ්.
Delete