Thursday, January 9, 2020
121. රිදුනු හිත කවියක ලියා
මලානික එළි නිවා දමමින් තරුද අහසේ මියගිහින්
කතා නොකරම මල්ද ගහකොළ හිදී අඳුරේ නිදියමින්
මුවාකර දුක් විඳින මේ හිත මහා සැනසුම් සුසුමෙකින්
වතාවක් එක ඇවිත් ඉන්නට බැරිද මා ළඟ සිහිනෙකින්
බලා ගෙන මග හිනා දෝතින් අරන් ඔබ ඒවිය කියා
ගෙවා දැමු සති මාස අපමණ නෙතේ බර කඳුළුම තියා
සොයා ගන්නට ඕන මුත් ලොව අහිමි ඔබෙ සුවඳින් එහා
නවාතැන් ගමි තාම සුසුමක බිඳුණු හිත කවියක ලියා
ඈත නික්මී ගියත් සමුගෙන එදා ඔබ මගෙ හිත අරන්
මෑත තාමත් එහෙමමයි මම සුවඳ මතකයෙ ඇස් පියන්
දෑත පටලා තුරුළු වෙන්නට ආදරේ හිත හිර කරන්
ආයෙ හැකිවෙද කවමදා හරි දන්නවා නම් මට කියන්.
(පින්තූරය අන්තර්ජාලයෙනි)
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
නොඑන බව දැන දැනත් මග බලන් ඉන්න තරම්.. ආදරය නොමියෙන එකයි දුක..
ReplyDeleteඒකනේ අරූ. පැමිණියාට තුති.
Delete