Thursday, June 20, 2019
86. ශෝකයේ ගස
වැඩිය හැඩ නැති කෙසඟ සිරුරකි බරට හුස්මන් වැටෙනවා
සුමුදු බව නැති කසන කොළ මත මිහිරි දේ නොම රඳනවා
නොලැබ ආදර බැළුම් සමනල විහඟ නෙත මග හරිනවා
කිමද අරුමය බිඳුණු හදවත හමන සුළඟෙන් අහනවා
නැවෙන පොඩි අතු අගිස්ස්සේ හරි රවුම් ගුල් ගුල් හැදෙනවා
සෙමෙන පිරිමැද එ'මත ආදර බරම තොත්තුම තියනවා
පිපෙන දේදුණු තැඹිලි පාටින් නටුවෙ සිත්තම් ඇඳෙනවා
මිදෙන හිම වගෙ සුදුම සුදු පෙති අරන් මල් ඇස් අරිනවා
බලාගෙන රෑ අහස දෙස රැය පුරාවට නිදි වරනවා
හමායන මදනලේ හිමිහිට හිතේ තනිකම තියනවා
මුදාහැර හද විමන් දොර ආදරේ සුවඳම එවනවා
බදාගෙන ඒ සුවඳ කොහෙදෝ ඈතකට හිත දුවනවා
නොයා ඉන්නට හිතයි රෑකට ඒත් සීමා තියනවා
හදාගෙන හිත ලැබෙන දේකට හිතේ බර බිම තියනවා
පුරෝගෙන හද උපන් සෙනෙහස අතීතය අත අරිනවා
හිනා වීගෙන උදේ වෙනකොට ගහේ පාමුල වැටෙනවා.
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
බලාගෙන රෑ අහස දෙස රැය පුරාවට නිදි වරනවා
ReplyDeleteහමායන මදනලේ හිමිහිට හිතේ තනිකම තියනවා
මුදාහැර හද විමන් දොර ආදරේ සුවඳම එවනවා
බදාගෙන ඒ සුවඳ කොහෙදෝ ඈතකට හිත දුවනවා
හරිම අපුරුයි...මේ වචන හිත් ගත්තා
බොහොම ස්තුතියි කිඹුලි. මාත් ආස අන්තිම කවි දෙකට තමයි.
Deleteහරිම අපූරුයි.. මම කැමතිම මලක්
ReplyDeleteබොහොම ස්තුතියි සොඳුරු සඳවතී.
Deleteලස්සනම ලස්සන කවි පන්තියක්..
ReplyDeleteබොහොම ස්තුතියි අරූ.
Delete+++++++++++++
ReplyDeleteකවි ෆැක්ටරියක්නෙ
සභාවේ තදින් සිනා. බොහොම ස්තුතියි ඉයන්.
Delete