Monday, June 10, 2019
82.ජීවිතේ තනියෙන්ම මුමුණන කවක් වගෙ යැයි සිතෙනවා
අරන් වැහි කෝඩයක් තුරලට මුහුණ කළු කර ගෙන ඉදී
හඬන්නට හරි ඉක්මනින් අද අහස තනියම අර අදී
බලන් ඉන්නට බැරිම තැන යළි හැරෙන විට දැහැනින් මිදී
ගිලන් හදවත නවාතැන වෙත සුසුම් ගොන්නක් ගොඩ වදී
දුලා සත් පැහැ සොඳුරු දේදුණු පිපෙන්නට නම් ආදරෙන්
හිනා පොකුරට කඳුළු ටිකකුත් ලැබිය යුතු වේ ආකහෙන්
කියා කීවද කඳුළු පමණයි හිනාවක් නෑ කාලෙකින්
පළා නොගොසින් ඇවිද යමි දෛවයේ සරදම් මාවතින්
පාළුවේ හිමි නොවූ හීනෙක සුවඳ ඉවකර බලනවා
මාවතේ කප්පරක් බර හිස දරන් තනිවම යනෙනවා
ආදරේ ළඟ වැරදි වැරදී ආයෙ ආයෙම ලියනවා
ජීවිතේ තනියෙන්ම මුමුණන කවක් වගෙ යැයි සිතෙනවා
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
මේ කවියේ ලස්සන වචන ටික... සුභ පැතුම්.. තව ලියන්නට ..
ReplyDeleteබොහොම ස්තුතියි අරු. ආයෙත් එන්න.
Delete