Wednesday, June 19, 2019
85. වැස්ස
ඉස්සරම හුරු පුරුදු හීනෙක සුවඳ හිත මත්තෙහි දරන්
සුන්දරම හිත නිවන හැඟුමක නතර වී හුස්මක් අරන්
අස්සටම හද තුරුළු කරගෙන හාදුවක් පෙති මත තියන්
වැස්සටත් කවි කියන්නට හැකි මලක් ඉන්නවනම් අහන්
පාත් කර හිස බිම බලාගෙන සිනා සුළඟට මුදන්න
මාත් ආසයි මේ වසන්තෙට කියා පෙම්බස් දොඩන්න
කාන්දම් නෙත් පහන් දල්වා හිතට අකුණක් එවන්න
තාත්තෙක් වන් ගසකටත් හැකි වැස්ස ළඟ හිත ලිහන්න
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
වැහිබර අහසක් පේන මානේ හීතළ හුළං ගේන විදුලි පංකාවක් යට ඉඳං මේක කියෙව්වේ. හම්මේ, හීන් පොද වැස්සකට තෙමුණා වාගේ හිතට සනීපයි. :)
ReplyDeleteබොහොම ස්තුතියි සිත්තමී. ඔය ඉතින් කොහොමත් වැස්සට කැමතියි නේ නේද.
Deleteහරිම අපුරුයි
ReplyDeleteබොහොම ස්තුතියි කිඹුලි ඔයාටත් මේ පැත්තේ ආවාට. ආයෙත් එන්න.
Delete