ප්‍රභාතයක් වී ඇස තැවරෙද්දී
නුඹෙ රුව නිරන්තරෙන්
නුඹෙන් වියුක්තව කිසිත් සිතන්නට
මට වෙන සිතක් කොහෙන්...
ගලා ගලා යන උණුසුම් සෙනෙහස
හද බිඳී ඉවුරු මතින්
සිනා තෙපුල් කිරි ප්‍රමෝදයන් මැද
සැනසෙයි අමා සුවෙන්...
දැවෙන දිලෙන යලි හඬන සිනාසෙන
අහසෙහි අරුම ගෙනා
නිවෙන සැනෙන සැනසුමද සුවය දෙන
සඳ නුඹ සතුට ගෙනා...
No comments:
Post a Comment