Friday, December 24, 2021

179. නිමාවන තව දිනක්














උදුවප් මහේ අගින්
නිමාවන තව දිනක්
තත්පරෙන් තත්පරේ
ගෙවී යයි..
 
හුරුපුරුදු ලතාවෙන්
ජීවිතේ රළ පේළි
සංසාර වෙරල වෙත
පියමනියි...
 
කහපාට අත්හැරී
රතුපාට වූ හඳක්
හිස් අහස මැද්දෑවෙ
නිසසලයි ..
 
තරු සොයා ඉගිල්ලුන
දිග අහස් කූරකින්
ගිනි ගතිපු මල් රේණු
බිම හැලෙයි...



4 comments:

  1. තරු සොයා ඉගිල්ලුන
    දිග අහස් කූරකින්
    ගිනි ගතිපු මල් රේණු
    බිම හැලෙයි...

    (දැන් වෙලාව පෙ.ව. 12.05 යි. නත්තල් උදාවත් එක්ක ඇහෙන රතිඤ්ඤා අහස් කූරු සද්ද අතරේ නිසදැස කියවමින්)

    හරිම ලස්සනයි පූ.. ❤️❤️

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.