Monday, February 3, 2020
124. සෙනෙහෙ නොමියෙන
එකට විත් පොඩි කුරුළු යුවලක් අදට සමුගන්නට හදයි
දුරක වන් හුදෙකලා තරුවක් සඳට හෙමිහිට අත වනයි
ලඟට ගෙන අපෙ බිඳුණු මතකය කවියකට සිත මුල පුරයි
බරට මිදුනත් සුසුම් කොතෙකුත් හිතේ බර තව එලෙසමයි
අහිමි සඳකට හඬන සිත මුතු කඳුළු කැට නෙත ඇහැරවයි
දැකුම වුව මොහොතකට සිහිනෙන් ගෙනෙන සැනසුම අපමණයි
පිහිට වුන පෙති මිලින මලකට කුළුණු සිත පින් සුවදමයි
සමග එමි මතු සසරෙ පසුපස සෙනෙහෙ නොමියෙන එහෙමමයි
මලක සුවඳක් ලෙසින් ඇවිදින් හිතේ නොකියම පැටලුන
වැටෙන හුස්මක් වගේ මොහොතක් නොහැර සෙනෙහෙට නතුවුන
මදිව පින් ගිය ගමන මගකදි නතරවෙන්නට සිදු වුන
අපම පමණක් නොවේ තව අය සිටී පැරදුම හිමි වුන.
(පින්තුරය අන්තර්ජාලයෙනි.)
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
හරිම ලස්සනයි. දෙවන වර්ස් එක තුන් වෙනි එක හැටියටත් තුන්වෙනි වර්ස් එක දෙවෙනි එක හැටියටත් තිබුණානම් වඩා හොඳයි කියා හිතෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි ඉයන්. ලිව්වට පස්සේ ආපහු කියවල බලන්නේ නැති එක මගේ නරක පුරුද්දක්. මටත් හිතෙනවා ඒ විදිය හොඳයි කියල. මාරු කරා ඒක නිසා.
Delete