Thursday, July 11, 2019

90. ඇහැළ මල්













සතුට හල හල හමන සුළඟට ආයෙ මල් වැහි වහිනවා
බිමට ගිලිහී රෝස වෙනුවට කහම කහ පෙති වැටෙනවා
හිතට කකියන පුරුදු සුවඳක මතක පිටු දිග හැරෙනවා
ඔබට සකුරා පිපෙන කාලෙට ඇහැළ මල් මට පිපෙනවා

හිනා වීගෙන ඇහැළ ගහ වගෙ අරන් මල් පොකුරක් අතේ
හැබෑ ලෝකෙට ඔබේ වෙන්නට හීනයක් තිබුණා හිතේ
හඹා ගොස් ලොව දිනාගෙන මම හනික එමි යැයි ජීවිතේ
කියා ගිය නුඹ ආවෙ නැතුවට තාම තරහක් නෑ හිතේ

සුවඳ සකුරා නුඹගෙ අයිතිය අහිමි බව මට හැඟෙනවා
සඳට ඉකිබිඳ හඬනු කුමටද පොළොවෙ සිහිලස දැනෙනවා
දැනුනු දවසක පුරුදු සුවඳක් කාට මුත් ඇහැ ඇරෙනවා
ඇහැළ මල් වැහි දකින්නට ඔබ එතැයි නිකමට හිතෙනවා.

14 comments:

  1. http://upekshad.blogspot.com/2016/02/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. අනේ බොහොම ස්තුතියි ලිඛී. සතියකට විතර හරි යන්න ලේ ටික පිරිසිදු උනා ඔය කිව්ව පොස්ට් එකේ කමෙන්ට්ස් ටික කියවල.:)

      Delete
  2. ඇහැළ මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි… කවියත් ඒ වගේම ලස්සනයි… :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මියුරු.

      Delete
  3. කහ පාට මල් කියන්නේ හිත ෆ්‍රෙෂ් කරනවා අප්පා....මෙ වචනත් එහෙමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කිඹුලියේ.

      Delete
  4. මෙ දවස් හරි නෑ... නැත්තං කයි වලින්මයි මේවාට උත්තර සපයන්න හිතෙන්නේ... ඒ තරම් සොඳුරුයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ. කයි වලින් උත්තර තිබුන නම් කොච්චර හොඳද. බොහොම ස්තුතියි සඳ.

      Delete
  5. ඇහැළ මල් වැහි දකින්නට ඔබ එතැයි නිකමට හිතෙනවා.//

    අන්‍තිම පදේ ලස්සනයි. බලාපොරොත්තු කියන්නේ ජීවිතය ජීවත් කරවන දෙයක්...
    ලස්සන කවි පන්තිය...
    මාත් ආසයි ඇහැල වගේම මැයි මල් වැටිලා තියෙන කාලෙට.. ඔය හැම ගහක්ම තිබුනා අපේ ස්කෝලේ. ඇහැල ගස් යට අපි ඉගෙන ගෙන තියෙනවා..
    කොට්ටම්බා ගස් යට ඉගෙන ගෙන තියෙනවා..

    මැයි ගස්,අරලිය ගස් යට සෙල්ලම් කරලා තියෙනවා.. මේ කවි වලින් ඇහැරෙන්නේ මගේ නම් ඒ සුන්දර මතක.. ස්තූතියි ඔබට...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්. මල් වගේම ලස්සන මතක. බොහොම ස්තුතියි අරූ.

      Delete
  6. ලස්සන ගෙත්තමක් විනීත පූ .

    ඇහැළ මල් කිව්වාම ඉස්කෝලේ කාලේ මතක් උනා .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කලණ. මට නම් තාම මේ හැම මලක්ම මුණගැහෙනවා නිතර නිතර. ඒත් ඉස්කෝලේ කාලේ වගේ සතුටින් සැහැල්ලුවෙන් ඒ දිහා බැලෙන්නේ නැද්ද මන්ද. අදම නේ ආවේ මේ පැත්තට. ආයෙත් එන්න.

      Delete
  7. ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඔ පියමැන්නා.. :D

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උතුමාණනි.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.