Thursday, August 8, 2019
95. වැස්ස
තවත් හීනෙක බැඳෙනු නොහැකිව පුරුදු මතකෙට ගුලිවෙලා
හිතත් එක්කම ඔට්ටු වීගෙන ඉඳල ඉඳලම ඇතිවෙලා
කිසිත් නොකියම අඳුර තුරුලට අරන් වරුවම තනිවෙලා
අදත් වහිනව මහා වැස්සක් අහස මගෙ හිත කියවලා
සිහින් සර සර හඬින් අතු මත වැටෙන වැහි බිඳු ඇහිඳලා
සිතින් පිරිමැද සෙනෙහෙ සුසුමක සුවඳ ඒ මත අතුරලා
දුකින් ආතුර හිතේ පතුලට ගිහින් ගැඹුරට කිමිදිලා
හෙමින් තුරුපත් කියයි කවියක් මගේ කවි හිත අහුලලා
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
වරුසාව කවීකම් මවන ලස්සණ අත්දැකීමක් සමහර වෙලාවට . මේ වගේ . ලස්සණයි හැමදාම වගේ .
ReplyDeleteබොහොම ස්තුතියි කලණ.
Delete